Advertisements

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනයට යොමුවීම 28%කින් ඉහළට

LIVE

රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනයට යොමුවීම 28% කින් ඉහල ගොස් ඇතැයි  පුනරුත්ථාපන කාර්යාංශය සඳහන් කරයි.

එවැනි පුද්ගලයින් පුනරුත්ථාපනය වී සමාජගත කිරීමද 65% කින් වර්ධනය වී ඇති බවද එහි කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත් සඳහන් කරයි.

පුනරුත්ථාපනය වී සමාජගතවීමෙන් පසුවද මිතුරු ඇසුර හේතුවෙන් 47%ක් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී ඇති බවද කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත් සඳහන් කරයි.

“රටම එකට” ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත් මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest