එළඹෙන (07) වනදා දක්වා ශ්රී ලංකාව සහ ඊශ්රායලය අතර ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇති බව ඊශ්රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර සදහන් කරයි.
ඊශ්රායලය වෙත ඉරානය එල්ල කරන මිසයිල ප්රහාර හමුවේ ඊශ්රායලය ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීමත් සමග ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇත.
එළඹෙන (07) වැනිදාට පෙර දිනවලදී දෙරට අතර ගුවන් ගමන් සැලසුම් කර ඇති පුද්ගලයින් ඊට අදාළ දින වකවානු නැවත සූදානම් කර ගන්නා ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙයි.
එහි රැඳී සිටින ශ්රී ලාංකිකයින් සියළු දෙනා තවදුරටත් ආරක්ෂිත බවත් ඉදිරියේදී අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවුවහොත් ඒ සඳහා කටයුතු සූදානම් කර ඇති බවද තානාපතිවරයා සඳහන් කරයි.