Advertisements

එයාර්බස් නඩුවට අදාළව අල්ලස් කොමිසමට නියෝගයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ අද (14) දින කැඳවනු ලැබූවේය.

එහිදී අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස (13) වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

මෙම නඩු විභාගය ආරම්භයේදී අල්ලස් කොමිසම විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා තවදුරටත් දිනයක් ලබා දෙන ලෙසට කොමිසමේ නිලධාරීන් ඉල්ලා සිටියේය.

අනතුරුව කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන ඔක්තෝබර් මස (13) වැනිදා නැවත කැඳවීමට නියම කළ අතර එදිනට විමර්ශනවල ප්‍රගතිය සවිස්තරාත්මකව අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest