Advertisements

කබ්රාල්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි.. අධිකරණයෙන් නියෝග

LIVE

ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකළ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ මුලික විරෝධතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (13) දින ප්‍රතික්ෂේප කළේය.

සභාපති විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය, උදේශ් රණතුංග සහ බුද්ධික සී.රාගල යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම ඒකමතික තීරණය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මුලික විරෝධතා හේතුවෙන් කල්දමා තිබු මෙම නඩුවේ විභාගය ජූලි මස (20) වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.

පසුගිය 2011 මාර්තු (11) සහ 2012 නොවැම්බර් (19) අතර කාලය තුළ ග්‍රීසියේ ආර්ථිකය දැඩි ලෙස කඩා වැටී තිබියදීත්, දැඩි අවදානම් සහගත එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයේ මුදල් ආයෝජනය කිරීමෙන් රුපියල් 1,843,267,595.60 ක් (රුපියල් කෝටි 184කට) අධික පාඩුවක් රජයට සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධව පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබූ අතර එහිදී රජයට වූ පාඩුව මාස 03ක් ඇතුළත ගෙවීමේ කොන්දේසිය විත්තිකරු ඉටු නොකිරීම හේතුවෙන් නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම මෙම නව අධිචෝදනා පත්‍රය ගොනු කළේය.

1 Comment
Most Voted
Newest Oldest