By unusuma.lk on
(LK time)සජබ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පත්කර තිබේ.
ඊයේ (27) පාර්ලිමේන්තුවේ පැවති එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදු විය.
යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය තීරණය කර තිබුනි.
ඒ අනුව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරනු ලැබීය.