අකුරේගොඩදී නීතීඥයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස හමුවට ඉදිරිපත් කළේය.
අනතුරුව එම සැකකරුවන් දෙදෙනා එළඹෙන මාර්තු (04) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කළේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිට ඇති අතර එම සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී සිටියේ නැත.
අනතුරුව මහේස්ත්‍රාත්වරයා තමන්ට අධිකරණය වෙත කිසිවක් පැවසීමට අවශ්‍ය දැයි එම සැකකරුවන්ගෙන් විමසා ඇත.
එහිදී තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරුවන් මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දී අති අතර එම ප්‍රකාශය මහෙස්ත්‍රාත් නිල මැදිරිය තුළදී ලබා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

