අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2026) විභාගය කල් දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම අද (16) අභියාචනාධිකරණය හමුවේ කැඳවයි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද.? නැද්ද.? යන නියෝගය මේ මස (23) වනදා ප්‍රකාශයට පත් කරන බවට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.
