අලවතුගොඩ ඛේදවාචකයක්.. විශාල පිරිසක් අතුරුදන්.!

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑම සිදුව ඇති බවය.

නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

එම ගම්මානයේ සිට පිරිසක් අතුරුදන් වී ඇති බවට වාර්තා වේ.

මේ වනතෙක් සහන කණ්ඩායම්වලට හෝ එම ස්ථානයට ළඟාවීමට හැකිවී නොමැති බව අප වාර්තාකරු සඳහන් කළේය.

අලවත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments