Advertisements
Advertisements

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ තීන්දුව අදයි.!

LIVE

2022 වසරේ මැයි (09) වැනිදා රට පුරා පැවති අරගලකාරී වාතාවරණය මධ්‍යයේ නිට්ටඹුව නගරය හරහා ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව ප්‍රකෝපකාරී පිරිසකගේ ප්‍රහාරය හේතුවෙන් ඝාතනයට ලක්විය.

ඒ අනුව එම ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

අද (11) දින පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ගම්පහ මහාධිකරණයේ සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරයි.

0 Comments
Most Voted
Newest Oldest