ආදාහනාගාරයෙන් මතු වු මිලියන 16ක අයිස් මත්ද්‍රව්‍ය

සුසාන භූමියක ආදාහනාගාරයේ සඟවා තිබූ රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, අම්බලන්ගොඩ, කන්දගොඩ සුසාන භූමියක ආදාහනාගාරයේ තිබී එම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

අද (17) දින යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ මාතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel