අමෙරිකාව ඉදිරිපත් කළ පැය 48ක සටන් විරාම යෝජනාව ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කලාපය තුළ සිටින අමෙරිකානු හමුදාවන්ට සහ ඔවුන්ගේ මූලස්ථාන වලට ඉරානයෙන් එල්ල වන දැඩි ප්‍රහාර හමුවේ ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටිම හේතුවෙන් අමෙරිකාව එම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
කුවේට්හි බුබියාන් දූපතේ පිහිටි අමෙරිකානු හමුදා ඉන්ධන ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අමෙරිකාව මෙම සටන් විරාමය සඳහා උනන්දු වී ඇති බවද ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
සටන් විරාමය ප්‍රතික්ශේප කළ බවට යුද පිටියේදී පෙන්වු බවත් සටන් විරාම යෝජනාවෙන් පසුවද අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර තීව්‍ර කළ බව ඉරාන බලධාරීන් සඳහන් කරයි.

