රටවල් හයකට සංචාරය කිරීමෙන් වළකින ලෙසට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඒ අනුව මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ පිහිටි ඉරානය, ඉරාකය, ලෙබනනය, ලිබියාව, සිරියාව සහ යේමනය යන රටවල් සඳහා සිව්වැනි මට්ටමේ ඉහළම සංචාරක අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
ආරක්ෂක තත්ත්වය සහ එම රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට අවශ්‍ය කොන්සියුලර් සහාය ලබාදීමේ පවතින සීමාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිව්වැනි මට්ටමේ සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලබන්නේ එම රටවල පවතින දේශීය තත්ත්වය සහ අමෙරිකානුවන්ට සහාය ලබාදීමේ සීමිත හැකියාව සැලකිල්ලට ගනිමින් බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මේ අතර ඇෆ්ගනිස්ථානය, රුසියාව, යුක්රේනය, සුඩානය සහ දකුණු සුඩානය ඇතුළු තවත් රටවල්ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම සංචාරක අනතුරු ඇඟවීම යටතේ පවතින බව සඳහන් වේ.
