Foreign news

2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

නවනීදම් පිල්ලේ 2026 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා ලෙස නෝර්වේහි ඔස්ලෝ නුවරදී අද (09) දින ප්‍රකාශයට පත් කෙරිණි.

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියක වන නවනීදම් පිල්ලේ, ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉටුකළ මෙහෙවර අගයමින් මෙලෙස නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බව නෝර්වේ නොබෙල් කමිටුව සඳහන් කරයි.

නවනීදම් පිල්ලේ ජාත්‍යන්තර නීතියේ විෂය පථය සහ එහි බලපෑම සැලකිය යුතු ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇති බවත්, සුවිශේෂී ධෛර්යයකින් යුතුව පුළුල් ගෝලීය නීතිමය පද්ධතියක් ගොඩනැගීමට ඇය පෙරමුණ ගත් බවත් නොබෙල් කමිටුව සඳහන් කරයි.

ඇය 2008 වසරේ සිට 2014 වසර දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළාය.

රුසියානු ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක්.. මුහුදේ ගිල්වයි

රුසියානු ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක්.. මුහුදේ ගිල්වයි

රුසියානු ඉන්ධන රැගෙන කළු මුහුදේ යාත්‍රා කරමින් තිබු ඉන්ධන ප්‍රවාහන නෞකාවකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් ලයිබීරියානු ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාව මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් එම නෞකාවේ සිටි 23 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවට යුද්ධය අවසන් කරන්න බෑ.. ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාවට යුද්ධය අවසන් කරන්න බෑ.. ඉරානය අනතුරු අඟවයි

කිසිදු හමුදාමය මෙහෙයුමක් හරහා අමෙරිකාවට මැදපෙරදිග යුද්ධය අවසන් කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

ඉරානයේ සතුරන් නැවත වරක් යුදමය මාවතක් තෝරා ගන්නේ නම් ඉරානයේ ප්‍රතිචාරය පෙරට වඩා ප්‍රබල වන බව අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

නව සම්බාධක පැනවීමෙන් ද යුද්ධය අවසන් කළ නොහැකි බවත් සාධාරණත්වය සහ යුක්තිය මත පදනම් වු සාකච්ඡා හරහා පමණක් මෙම ගැටුම අවසන් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සෞදි තෙල් පිරිපහදුවකට හූති මිසයිල ප්‍රහාර

සෞදි තෙල් පිරිපහදුවකට හූති මිසයිල ප්‍රහාර

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුවට බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට හූති සටන්කාමීන් සඳහන් කරයි.

යේමනයේ සානා ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සටන්කාමීන් සඳහන් කරයි.

මෙම මෙහෙයුම සාර්ථකව එහි අරමුණ සාක්ෂාත් කරගත් අතර ඉලක්කගත ස්ථානවල ගිනි තැබීම් ඇති කළ බව හූති හමුදා ප්‍රකාශක යාහ්යා සාරි රූපවාහිනී ප්‍රකාශයකින් සඳහන් කර ඇත.

ගුවන් යානයක් කඩාවැටී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු 14ක් මරුට

ගුවන් යානයක් කඩාවැටී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු 14ක් මරුට

කොංගෝ රාජ්‍යයේ නිරිතදිග කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසි කාර්මික දෝෂයකට ලක්ව කෙන්ගෙ ප්‍රදේශයට කඩා වැටී ඇත.

සිදුවූ මෙම ගුවන් අනතුරෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හමුදාව සඳහන් කරයි.

කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ජෙනරාල් ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනා මියගිය පිරිස අතර සිටී.

අනතුරට හේතුව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්ථීර එකඟතා නෑ.. වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

ස්ථීර එකඟතා නෑ.. වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ රාජ්‍ය සමුළුව (24) දින වොෂින්ටන් හි ධවල මන්දිරයේදී පැවැත්විණි.

මෙම සමුළුවේ ආසන්නතම ආර්ථික ප්‍රතිඵලය වූයේ අමෙරිකාව – චීනය වෙළඳ අර්බුදයට තාවකාලික සහනයක් හිමිවීමයි.

එහිදී අමෙරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික විරාමය 2027 ජනවාරි (10) වැනිදා දක්වා දීර්ඝ කිරීමට දෙරට එකඟ විය.

ලබන නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබූ තීරුබදු තාවකාලිකව අත්හිටුවීමේ ගිවිසුම 2027 ජනවාරි (10) වැනිදා දක්වා තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට දෙරට එකඟ වූ බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) තහවුරු කරයි.

මෙමගින් මූලික ආර්ථික ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබී නොමැති අතර අමෙරිකානු සෝයා බෝංචි මිලදී ගැනීමේ ඉලක්ක චීනය සපුරාලමින් සිටියද, අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සහ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය (rare-earth minerals) අපනයනය සම්බන්ධයෙන් වූ පොරොන්දු ඉටුකිරීමේදී චීනය පසුපසින් සිටින බව අමෙරිකානු බලධාරීන් සඳහන් කරයි.

ලොව විශාලතම ආර්ථිකයන් හිමිකරුවන් වන දෙරට අතර පවතින සබඳතා සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමුවිය.

එහෙත්, වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇත.

මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගර දක්වා.. ඉරානයෙන් බරපතල අනතුරු ඇගවීම්

මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගර දක්වා.. ඉරානයෙන් බරපතල අනතුරු ඇගවීම්

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව යළිත් ප්‍රහාර එල්ල කළහොත් ඉරානය විසින් මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගරය දක්වා ඉන් ඔබ්බට ව්‍යාප්ත කරන බවට ඉරානය අනතුරු අගවා ඇත.

ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශකයෙකු උපුටා දක්වමින් ෆාර්ස් පුවත් සේවය මේ බව සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසිම දිනක පෙර පැවති තත්ත්වයට පත් නොවනු ඇති බවත් ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ඇති බව මේජර් ජෙනරාල් යහ්‍යා රහීම් සෆාවි සඳහන් කරයි.

ඉරානයට බලපෑ හැකි ඕනෑම දරුණු තත්ත්වයකට මුහුණ දීම සඳහා සිය හමුදාව සූදානම් බවද මේජර් ජෙනරාල් යහ්‍යා රහීම් සෆාවි සඳහන් කරයි.

දැවැන්ත ප්‍රහාරයකට පෙර ඉරානය අනතුරු අඟවයි

දැවැන්ත ප්‍රහාරයකට පෙර ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාව විසින් නව විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බව පවසමින්, ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඉරානය වෙත ප්‍රහාර එල්ල වුවහොත් අමෙරිකානු කඳවුරු සහ අන්තර්ජාල හෝ කලාපීය අවශ්‍යතා ඉලක්ක කර අඛණ්ඩ ප්‍රතිප්‍රහාර දියත් කරන බව ඉරානය සඳහන් කරයි.

සෞදි අරාබියට එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයට මෙම ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානම් වන බව වාර්තා වේ.

මේ අතර මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් අමෙරිකානුවන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවත් ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ගුවන් අවකාශය වැසී යාම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඉරානය කොන්දේසි 7ක් අමෙරිකාවට පනවයි

ඉරානය කොන්දේසි 7ක් අමෙරිකාවට පනවයි

අමෙරිකාව සමග පවතින මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය කොන්දේසි පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නව කොන්දේසි කටාර් මැදිහත්කරුවන් හරහා ධවල මන්දිරයට දැනුම් දී ඇතැයි ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියෙකු වන මොහ්සෙන් රෙසායි සඳහන් කරයි.

සියලු පෙරමුණු වලින් යුද්ධය අවසන් කිරීම, තහනම් කරන ලද ඉරාන වත්කම් නිදහස් කිරීම සහ ඉරාන වරායන් සඳහා අමෙරිකානු නාවික සම්බාධක ඉවත් කිරීම එම කොන්දේසි අතරට ඇතුළත් වේ.

නැවත සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සම්පූර්ණ කොන්දේසි 07ක් අමෙරිකාවට පනවා ඇති අතර යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය නම් ඉරානයේ අයිතිවාසිකම් සහ කොන්දේසි පිළිගන්නා ලෙස ඉරානය සඳහන් කරයි.

ජනපති ට්‍රම්ප්ගෙන් තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු

ජනපති ට්‍රම්ප්ගෙන් තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින් ‘රුසියාවට සම්බාධක පැනවීමේ පනතට’ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.

යුක්‍රේනය වෙනුවෙන් පෙනී සිට මෑතකදී අභාවප්‍රාප්ත වූ සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රෑම් සිහිපත් කර මෙම පනත ඔහුගේ නමින් (Lindsey O Graham Sanctioning Russia and Iran Act of 2026) ලෙස නම්කර ඇත.

මෙම පනතට අනුව රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක් දක්වා වූ තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලය හිමිවේ.

ජනපති ට්‍රම්ප් මෙම අනුමැතිය ලබාදී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 262-159ක් ලෙස මෙම පනත සම්මත වීමෙන් දින දෙකකට පසුවය.

මෙම නව නීතිය රුසියානු රාජ්‍ය නිලධාරීන්, බැංකු, බලශක්ති අංශ මෙන්ම රුසියානු හමුදා මෙහෙයුම් වලට සහාය දක්වන විදේශීය ආයතන වලටද අදාළ වේ.

මෙමගින් රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රට වලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

✕
⌃ News
📰 Free News Subscription?