බිහිසුණු ගුවන් අනතුරින් මගීන් සියලුම දෙනා මරුට.. ලොවම කම්පා කළ අවසන් වචනය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී පෞද්ගලික ජෙට් යානයක් පාම් බීච් (Palm Beach County) හි ජනාවාස කලාපයකට කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම යානය බිහිසුණු අනතුරට ලක්වීමට පෙර යානය තුළ පුද්ගලයින් නව දෙනෙකු සිට ඇති අතර අනතුරෙන් පසුව එම සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්-බර්ග්ස්ට්‍රෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගමන් ආරම්භ කර තිබූ ‘ලියර්ජෙට් 60’ වර්ගයේ මෙම පෞද්ගලික ගුවන් යානය බහමාස් රාජ්‍යයේ නෝර්ත් එලුතෙරා ගුවන්තොටුපළ බලා පියාසර කරමින් තිබියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ සහන සේවා සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී ඇති අතර ආරක්ෂක පියවරක් ලෙස අවට පදිංචිකරුවන් 600 කට ආසන්න පිරිසක් වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

යානය ගොඩබිම පිහිටි ජනාවාසයක් මතට පතිත වුවද, පොළොව මට්ටමේ සිටි කිසිදු ප්‍රදේශවාසියෙකුට ජීවිත හානි සිදුව නොමැති බව බලධාරීහු තහවුරු කරයි.

ගුවන් අනතුරට මොහොතකට පෙර පටිගත වූ ගුවන් ගමනාගමන පාලන ශ්‍රව්‍ය දත්තවල, ගුවන් යානය විනාඩියකට අඩි 10,000ක (මීටර් 3,048ක) වේගයකින් පහළට ගමන් කරමින් තිබූ බව ගුවන් යානා නියමු කුටියේ සිටි අයෙකු පවසන හඬ ඇසෙයි.

ඉන්පසු එම කාර්ය මණ්ඩල සාමාජිකයා හදිසි තත්වයක් ප්‍රකාශ කරමින්, “අපේ වේගය සීමාව ඉක්මවා ගොස් තිබෙනවා, අපි විනාඩියකට අඩි 20,000ක වේගයකින් පහළට කඩා වැටෙමින් සිටිනවා” යැයි කෑගසනු ඇසෙන අතර ඉන් අනතුරුව ඔහු “අපි දැන් පොළොවේ ගැටෙන්නයි යන්නේ” යැයි පවසයි.

මුල්ම හදිසි අනතුරු ඇඟවීම (mayday call) සිදු කර තත්පර 35කට පමණ පසු, ගුවන් යානා නියමු කුටියෙන් ඇසුණු අවසන් ප්‍රකාශය වූයේ “අපට තවදුරටත් කාලය ඉතිරි වී නැහැ” යන්නයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel