අමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් වරාය ආසන්නයේ මිසිසිපි ගඟේදී ටැංකර් නෞකාවක් සහ මගී කෲස් නෞකාවක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් පසු මගී කෲස් නෞකාව පෙරළී ගොස් ඇති අතර අනතුරින් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ‘American Heritage’ නමැති කෲස් නෞකාවේ පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් සිට ඇති අතර එය ‘Atlantic Asphalt’ නමැති ටැංකර් නෞකාවේ ගැටී ඇත.
තුවාල ලැබූ කෲස් නෞකා මගීන් 30 දෙනෙකු සහ ජලයට බැස මෙහෙයුම්වල නිරත වූ නිලධාරීන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තුවාල බරපතළ නොවන බවද බලධාරීහු සඳහන් කරයි.
මෙම අනතුරෙන් විශාල ජීවිත හානියක් සිදුවීම වළක්වා ගැනීමට හැකිවු බව නිව් ඕර්ලියන්ස් නගරාධිපති හෙලේනා මොරෙනෝ සඳහන් කරයි.
