මේ වනවිට මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ ධනාත්මක තත්ත්වයක් පැවතීම හේතුවෙන් මේ මොහොතේ ඉරානයට එරෙහිව නව ප්‍රහාර දියත් කිරීම අවශ්‍ය නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
එහෙත් ඉදිරියේදී මැදපෙරදිග ගැටුම් සම්බන්ධව පවතින තත්ත්වයේ වෙනසක් වුවහොත් ඕනෑම මොහොතක ක්‍රියාත්මක වීමට අමෙරිකාව සූදානමින් සිටින බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සඳහන් කළේ, ඉරාන ගැටුම් සඳහා සාමකාමී විසඳුමක් ලබා ගැනීමට කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය දැඩි උනන්දුවක් දැක්වුවද අවශ්‍ය වුවහොත් යළිත් හමුදා ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානමින් සිටින බවයි.
