ජනපති ට්‍රම්ප් ඝාතන සැලසුම

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පාකිස්ථාන ජාතිකයෙකුට වසර 27කට වැඩි සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන ජාතික අසිෆ් මර්චන්ට් නමැති පුද්ගලයාට මාස 330ක (වසර 27 හමාරකට ආසන්න) සිර දඬුවමක් නියම කළ බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉරානය සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ ඔහු අමෙරිකානු දේශපාලනඥයෙකු හෝ රජයේ නිලධාරියෙකු ඝාතනය කිරීම සඳහා පුද්ගලයෙකු කුලියට ගැනීමට උත්සාහ කළ බව අධිකරණයේදී අනාවරණය වී ඇත.

දඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමෙරිකානු නීතිපති ටොඩ් බ්ලැන්ච් සඳහන් කළේ, අමෙරිකානු නායකයන්ට එරෙහිව විදේශීය ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය 2020 ජනවාරි මාසයේදී බැග්ඩෑඩ්හිදී අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී කසෙම් සුලෙයිමානිගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම කුමන්ත්‍රණය සැලසුම් කර තිබූ බවට චෝදනා එල්ල විය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel