ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්යස්ථාන වෙත ඉතා ප්රබල ප්රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කරයි.
මෙම දැවැන්ත ප්රහාරයන් හරහා ඉරානය නැවතත් “ශිලා යුගය” දක්වා ආපස්සට ඇද දමන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වොෂින්ටනයේ සිට ජාතිය අමතමින් සඳහන් කරයි.
ඉරානයට එරෙහිව ක්රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු සම්පූර්ණ වීමට ආසන්න බවත් ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කරයි.
අමෙරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහොමයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත් එම කාර්යය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කරයි.
ඉරානය සමඟ පවතින ගැටුම “අනාගත පරම්පරාව සඳහා කරන ආයෝජනයක්” බවත් මෙම ගැටුම නිවැරදි පරිදි තේරුම් ගැනීම ඉතා වැදගත් බවද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කරයි.

