සජබ ආනන්ද පාලිත රිමාන්ඩ්

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද (17) දින අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත නොවැම්බර් (25) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

2015 – 2019 වසර සමයේ ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේදී සිදුවූ බව කියන සේවක අතිකාල දීමනා වංචාවකට අදාළව ඊයේ (16) දින ඔහු අත්අඩංගුවට ගත්තේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel