1,2,3 වැඩිම අගයන් වාර්තා කරනවා.. ජනපතිගේ සුබ ආරංචිය.!

ලංකාවේ අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹිලා තිබෙන බැවින් එය විසඳාගැනීම සඳහා උපරිම උත්සහා සහ සාකච්ඡාකරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අපි දන්නවා ප්‍රධාන වශයෙන් ගත්තොත්, භූ දේශපාලනය මේ වෙලාවේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹිලා තියෙනවා. අපි එය විසඳාගැනීම සඳහා උපරිම උත්සහා සහ සාකච්ඡාකරමින් සිටිනවා.

ඒ වගේම එය විසඳාගැනීම සඳහා ප්‍රයත්න දරන ගමන් එවැනි අභියෝගයකට මුහුණදීලා යළි අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් හදමින් තිබෙනවා.

විසදාගැනීම සඳහා උත්සාහයක් වගේම අභියෝගයට මුහුණදීම සඳහා සැලසුම් සකස් කරමින් තිබෙනවා. ඒක අපි අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් මේ නිශ්චිත මොහොතේ මතුවෙලා තියෙනවා. එහෙත් අපේ ආර්ථිකය ඉතාමත් හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් තිබෙනවා.

අපි ඔබට කියන්න කැමතියි මේ 2025 වසර ලංකාවේ බොහෝ ඒවගේ වැඩිම අගයන් වාර්තා වෙන වසර බවට පත්වෙනවා. එක ලංකාවේ වැඩිම සංචාරකයන් එන වසර බවට මේ 2025 වසර පත්වෙනවා. දෙක ලංකාවේ වැඩිම ප්‍රග්ධන වියදම් කරන ලද වසර බවට මේ 2025 වසර පත්වෙනවා.

තුන ලංකාවේ ආණ්ඩුවක් උපයාගන්න ලද වැඩිම ආදායම් උපයාගන්නා වසර බවට මේ 2025 වසර පත්වෙනවා. ඒ වගේම අපේ ඉලක්ක තිබුණේ, මා නැවතත් අපේ ආයෝජන මණ්ඩලයත් එක්කත් අපනයන සංවර්ධන මණ්ඩයත් එක්කත් සාකච්ජා කරා. අපි හදලා තිබුනා අපේ අපනයනය ඉලක්කයන්.

භාන්ඩ හා අපනයන ඉල්ක්කය. එය ලංකා ඉතිහාසයේ වැඩිම පිටරට භාණ්ඩ හා සේවා සපයලා උපයාගන්නා ආදායම උපයන වසර බවට මේ වසර පත් කරන්න අපි සැලසුම හදලා තිබුණා. ජනවාරි මාසෙ ඉලක්කය සම්පුර්ණ කරන් තියෙනවා.

පෙබරවාරි මාසෙ අපි අපේක්ෂා කරන ලද ඉලක්කයට වඩා වැඩි ඉලක්කයක් අපිට ලැබිලා තියෙනවා. නමුත් මේ ඇතිවී තිබෙන ජාත්‍යන්තර ස්භාවය යම් බලපෑමක් අපිට ඇති කරයි. ඒකට අපි මුහුණ දෙන්න ඕන රටක් හැටියට. මෙතන තිබෙන්නේ ආණ්ඩුවක ප්‍රශ්නයක් නෙමෙයි.

ආණ්ඩුවක් ගනු ලැබු තීන්දු තීරණවල ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන මතුවී තිබෙන්නේ භූ දේශපාන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අපි මුහුණ දියයුතු වන්නේ ජාතියක් හැටියට. ඒ නිසා මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එවැනි ප්‍රශ්නයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපරිම මැදිමත්වන ගමන් එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා ජාතිකයක් හැටියට සූදානම් විය යුතුව තිබෙනවා. එහෙමයි. ඕනෑම රටකට තමන්ගේ රටේ තීරුබදු පිළිබද තීරණයක් ගැනීමේ අයිතිය තියෙනවා.”

ගාල්ල පැවති මැතිවරණ රැලියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments