Advertisements

රටේ ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන සිදු කරන්න පැකිලෙන්නේ නෑ

LIVE

සිදුකරන විමර්ශන වේගවත් කළ යුතු බවත් අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් හිමිවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ වැළැක්වීම වේගවත් කර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට කිසිසේත්ම නොපැකිළෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

විමර්ශන වේගවත් විය යුතුයි වගේම අධිකරණ ක්‍රියාවලිය වේගවත් කර අපරාධකරුවන්ට දඬුවම් හිමිවිය යුතුයි. ඒ නිසා මීට අදාළ සෑම ආයතනයක්ම ශක්තිමත් විය යුතුයි. අපරාධයට නිසි දඬුවම නිසි වේලාවේදී ලබා නොදීම අපරාධයට උත්තේජනයක් වෙනවා. ඒ නිසා අපි ඒ සියලු ක්‍රියාදාමයන් කාර්යක්ෂම කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සහ අවශ්‍ය යටිතල පහසුකම් උපරිම ලෙස ලබා දීමට කටයුතු කරනවා. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් මේ රටේ පොදු ජනතාවගේ සහ රටේ සුබ සිද්ධිය මෙන්ම තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව එම ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කරනවා.

මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කිරීමට කිසිසේත් පැකිළෙන්නේ නැති බව ඔබට සහතික වෙනවා.”

ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest