අනුරාධපුර පුරාවිද්‍යාත්මක ස්ථාන 846ක උරුමයන් රැක ගැනීමට රුපියල් මිලියන 18ක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 846ක් සංරක්‍ෂණය කිරීම සඳහා රුපියල් 18,058,884ක ප්‍රතිපාදන මෙම වර්ෂයේ වෙන් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි සඳහන් කරයි.

ඒ අනුව, දෙපාර්තමේන්තු ප්‍රදාන යටතේ රුපියල් 12,609,034ක්, බාහිර ප්‍රතිපාදන මත රුපියල් 5,449, 850ක් මෙයට අයත් වන බව පාර්ලිමේන්තුවේ සභාගත කළ සංඛ්‍යා දත්තවල සඳහන්ව ඇත.

මෙම පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව, සංරක්ෂණය සඳහා එක් එක් පුරාවිද්‍යා ස්ථානවල අගයන්, බලපෑම්වල ස්වභාවය, පිහිටි ස්ථානය, නෛතික පසුබිම ආදිය සලකා බලා කටයුතු සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ යටතේ ස්ථාන අධීක්ෂණ කටයුතු කිරීම, මුර කටයුතු, ආරක්ෂිත වැට, මායිම් කණු යෙදීම, නීතිමය කටයුතු සිදු කිරීම, ගවේෂණ කටයුතු කිරීම, නඩත්තු කිරීම, තහවුරු කිරීම, කැණීම් කිරීම සහ සංරක්ෂණය කිරීම සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel