අනුරාධපුර පූජා භූමියේ සත්යග්රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට සිදුකළ පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.
බලදුර රංගිරියලාගේ ප්රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්රසාද් නමැති පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගත්තේය.
පසුගියදා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය.
