සත්‍යග්‍රහය පැවති භූමිය සම්බන්ධයෙන් නියෝගයක්

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහය පැවති භූමිය වෙළෙඳ ප්‍රජාවට තහනම් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝගයක් පනවා ඇත.

බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් කිහිපනමක් විසින් අදාළ භූමියේ සත්‍යග්‍රහයක් පවත්වනු ලැබීමෙන් අනතුරුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත.

මේ වනවිට එම භූමියේ සීමා මායිම් ලකුණු කර ඇති අතර එම ස්ථානය වටා දැනුම්දීම් පුවරු සවිකර ඇතුළුවීම තහනම් කලාපයක් බවට පත් කර ඇත.

ජාතිවාදී කෝලහාලයක් ඇති කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක නිරතව සිටි බලංගොඩ කස්සප හිමිට එරෙහිව දහස් ගණන් ජනතාව එම විරෝධතා භූමියට පැමිණියේය.

එලෙස පැමිණි ජනතාව විරෝධතා භුමියේ තිබු අට්ටාල ගලවා ඉවත් කරමින් එහි සිටි පිරිසට පහරදී එලවා දැමු අතර අනතුරුව එහි තිබු බුද්ධ ප්‍රතිමාවද එම ස්ථානයෙන් ඉවත් කළේය.

අනතුරුව රාජාංගනයේ සද්ධාරතන හිමිට පහරදීම සහ එම ස්ථානයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel