ආසියා ශාන්තිකර කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම අපේක්ෂාවයි – චීනය

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වෙයි.

අද (18) දින චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ Qianhai ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ එම සමාරම්භක උත්සවයේදී ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රධාන දේශනය සිදු කළේය.

ආර්ථික ගෝලීයකරණ රැල්ලත් සමගම APEC සංවිධානය බිහි වූ බවත් එය ආසියා-පැසිෆික් කලාපය වර්තමාන යුගයේ පෙරමුණටම ගෙන ඒමට දායක වූ බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

විවිධ පාර්ශ්වයන් සමග එක්ව, ආසියා ශාන්තිකර කලාපයේ පැහැබර අනාගතයක් උදෙසා දැඩි ආත්ම විශ්වාසයකින් අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කරමින්, පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගා ආසියා-පැසිෆික් කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ වෙනුවෙන්, සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ තත්ත්වය සුරක්ෂිත කිරීමත් විවෘත සහයෝගීතාව සඳහා පාලම් ගොඩනැගීමත් සිදුකළ යුතුය.

එමෙන්ම නවෝත්පාදනය මූලික කරගත් වර්ධනය දිරිමත් කළ යුතු අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප්‍රතිඵල කරා යන මාර්ග පුළුල් කිරීමද කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දී ඇත.

ආසියා ශාන්තිකර කලාපය, බොක්ක ප්‍රදේශ බහුල කලාපයකි. විවෘත බව, සම්බන්ධීකරණය හා බාහිර බලපෑම් යනාදී ලක්ෂණයන් මෙබඳු කලාපීය ආර්ථිකයට අනන්‍ය වූ ලක්ෂණයන්ය.

Shenzhen නගර‍ය පිහිටා ඇත්තේ චීනයේ Guangdong–Hong Kong–Macao මහා බොක්ක ප්‍රදේශයේය. ලෝක බොක්ක කලාපීය ආර්ථික සහයෝගීතා සංගමය ස්ථාපිත කිරීමට චීනයේ සහාය හිමි වන බව චීන ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

ඒ තුළින්, විවිධ බොක්ක ප්‍රදේශ අතර සන්නිවේදන ශක්තිමත් කරමින් ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික සහයෝගීතාව සඳහා වන නව ක්‍රියාමාර්ග ගවේෂණය කිරීමට අපේක්ෂා කෙරේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel