By unusuma.lk on
(LK time)ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අධ්යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිත ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස එම ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මහාධිකරණවල පවතින බරපතළ ගණයේ අපරාධ නඩු දෛනිකව විභාගයට ගැනීම, අල්ලස හා දූෂණ පාලනය කිරීමට නීති හඳුන්වා දීම, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම ආදී මෙරට තුළ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේ දී ක්ෂණික අවධානය යොමු කළයුතු වැදගත් ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන්ද එමගින් කරුණු දක්වා තිබේ.