“අස්වැසුම” ප්රතිලාභීන් තෝරාගැනීම වැඩසටහනේ නව ක්රමවේදය යටතේ ප්රතිලාභීන් 1,391,830 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
2025.12.15 දිනැති අංක 2497/03 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව, අස්වැසුම ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ “අන්ත දිළිඳු” සහ “දිළිඳු” යන කාණ්ඩ දෙක සඳහා පමණි.
මාසිකව රුපියල් 17,500ක දීමනාව හිමිවන “අන්ත දිළිඳු” කාණ්ඩය සඳහා ප්රතිලාභීන් 363,142ක් සහ මාසිකව රුපියල් 10,000ක දීමනාව හිමිවන “දිළිඳු” කාණ්ඩය සඳහා ප්රතිලාභීන් 628,658ක් ලෙස පළමු ලේඛනය යටතේ සමස්තයක් වශයෙන් 991,800ක පිරිසක් සුදුසුකම් ලබා ඇත.
එළඹෙන දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත දෙවන නාම ලේඛනය සඳහා පවුල් 740,127ක් පමණක් තෝරා ගැනීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.


