ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය අසලට ප්‍රහාරයක් එල්ලවී ඇති බව ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය සඳහන් කරයි.
මේ සම්බන්ධය සිය කනස්සල්ල පළ කරන අතර විකිරණ මට්ටම්වල වැඩිවීමක් වාර්තාවී නොමැති බවද එම ආයතනය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරයි.
න්‍යෂ්ටික බලාගාර ස්ථාන සහ අවට ප්‍රදේශ කිසි විටෙකත් පහර නොදිය යුතු බවට ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය අවධාරණය කර ඇත.

