ඩුබායි වෙරළ ආසන්නයේ තිබූ විශාල තෙල් නෞකාවකට පසුගියදා ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.
මේ අතර කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ එක් පැතිකඩකට හානි සිදුව ඇති නමුත් එහි සිටි සේවක පිරිසට කිසිදු අනතුරක් වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමක් වැනි කිසිදු පාරිසරික හානියක් සිදුව නොමැති බව එරට බලධාරීන් සඳහන් කරයි.

