Unusuma Editor

1281 Posts

අප්‍රේල් මස සිට ගංජා නීතිගත කිරීමේ තීරණයක්.!

ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ සභාග රජය ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාත්මක කරමින් එරට අප්‍රේල් මස 01දා සිට කංසා අර්ධ වශයෙන් නීතිගත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙසේ එරට වැඩිහිටියන් සදහා පමණක් “කැනබීස්” නීතිගත කිරීමට ජර්මානු රජය තීරණය කර තිබෙන අතර එම නීතිගත කිරීමත් සමග ඒ සම්බන්ධව නව රෙගුලාසි රැසක් ගෙන ඒමටද එරට රජය ක්‍රියාකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම රෙගුලාසි වලට අනුව එක් අයෙකුට පුද්ගලික පාවිච්චිය සඳහා වියළි ගංජා ග්‍රෑම් 25ක් රැගෙන යා හැකි අතර වැඩිහිටියෙකුට පැල තුනක් වගා කිරීමටද වියලන ලද ගංජා ග්‍රෑම් 50ක් දක්වා ගෘහස්ථව තබා ගැනීමට අවසර ලැබෙනු ඇති.

එමෙන්ම පාසල්, ක්‍රීඩා පිටි සහ පොදු ස්ථානවලට මීටර් 100 ක් ඇතුලත අදාළ මත්ද්‍රව්‍ය භාවිතය ද තහනම් වන බව සදහන්.

මේ සම්බන්ධව අදහස් පලකරමින් එරට විපක්ෂ නායක ෆ්‍රෙඩ්රික් මර්ස්කෙ පවසා පවසා තිබුනේ ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත මැතිවරනයෙන් පසු තම පක්ෂය නැවත බලයට පත් වුවහොත් වහාම මෙම නීතිය අවලංගු කරදමනා බවටයි.

ලෝකයෙන්ම අප්‍රසාදයට ලක්වෙන සොල්දාදුවන්ගේ යට ඇඳුම් සෙල්ලම.!

මෙම සිද්ධිය වාර්තා වන්නේ ගාසා තීරයේ පවතින යුධ ගැටුම් අතරතුර ඊශ්‍රායල සොල්දාදුවන් කාන්තා යට ඇඳුම් සමඟ විනෝද වෙමින් ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීම ආරම්භ වීමත් සමගිනුයි.

ඊශ්‍රායලය කෙරෙහි ලෝක ප්‍රජාවේ අප්‍රසාදය වැඩි කිරීමට මෙම දර්ශන හේතුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

එම සෙබලුන් මෙලෙස විනෝද වන්නේ පලස්තීන නිවාසවලින් ලබාගත් කාන්තා යට ඇඳුම් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ .

ෙමෙන්ම, මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම හරහා පලස්තීන කාන්තාවන්ට සහ සියලුම කාන්තාවන්ට අවමන් කිරීමක් සිදුකරන බවයි.

මතු පරම්පරාවට අහිමි වීමට නියමිත චොක්ලට්.!

පසුගිය වසර 3ක කාලය පුරා දිගින් දිගටම ලොව කොකෝවා නිෂ්පාදනය පහළ බසිමින් පවතී. විශේෂඥයින්ගේ පුරෝකථනය වන්නේ 4වන වසරටත් කොකෝවා නිෂ්පාදනය වාර්තාගත අන්දමින් පහළ යාමේ අවධානමක් නිරීක්ෂණය වන බවයි.

මෙම වසරේ දී ලොව කොකෝවා අවස්වැන්නේ මෙට්‍රික් ටොන් මිලියන 4.45ක් දක්වා එනම් 11% කින් පමණ පහත වැටෙනු ඇති බව ජාත්‍යන්තර කොකෝවා සංවිධානය පුරෝකතනය කරයි.

ගෙවුණු වසරේ දී ගෝලීය චොකලට් මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබේ ඒ මෙතෙක් ඉතිහාසයේ ඉහළම චොකලට් මිල සටහන් කරමිනි.

කොකෝවා බීජ සපයා ගැනීමට ඇති අපහසුතා හේතුවෙන් ඝනාවේ කොකෝවා බීජ නිෂ්පාදනාගාර 8ක් පමණ මේ වනවිට වසා දමා ඇති අතර ගෝලීය චොක්ලට් කර්මාන්තය මේ වනවිට පසුවන්නේ ඉතාමත් අභියෝගාත්මක තත්ත්වක බව වාර්ථා වේ.

ගෝලීය කාලගුණ විපර්යාසවල බලපෑමෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යෑම කොකෝවා අස්වැන්නට අඩුවීමට බලපා ඇති ප්‍රධානම හේතුව බවත් ඒ සමගම කොකෝවා මිල දෙගුණයටත් වැඩි ප්‍රමාණ්කින් ඉහළ ගොස් ඇති බව වාර්ථා වේ.

ලෝකයේ කොකෝවා බීජ වගාවේ 90% ක් පමණ සිදුවන්නේ හෙක්ටයාර 2කටත් අඩු භූමි ප්‍රමාණ තුළය. ලොව ප්‍රධානතම කොකෝවා සැපයුම්කරු අප්‍රිකාව වන අතර ලොව සමස්ත කොකෝවා නිෂ්පාදනයෙන් 75%ක් පමණ සපයන්නේ අයිවරි කෝස්ට්, ඝානා, කැමරූන්, සහ  යන රටවල්ය.

කොකෝවා බීජ මිල අධික වීම හේතුවෙනි බොහෝ චොක්ලට් සැපයුම් කරුවන් මේ වනවිට කොකෝවා බීජ මිලට ගැනීම සම්පූර්ණයෙන් නවතා ඇති බව වාර්ථා වේ.

වර්තමානය වනවිට ගෝලීය චොකලට් මිල ඉහළ යමින් පවතින්නේ මෙම සම්ස්ථ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස බවත් ඒ සදහා තිරසාර විසදුමක් ලබා නොදුනහොත් නුදුරේදීම ලොව චොක්ලට් කර්මාන්තය නතරවනු ඇති බව විශේෂඥයන් මත පලකර ඇත.

රට අනතුරේ.. මෙරට HIV ආසාදිතයින්ගේ සැලකියයුතු වර්ධනයක්.!

මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා HIV මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ කියා සිටියේ 2023 වසරේ මේ දක්වා කාලයට සාපේක්ෂව මෙම වසරේ HIV ආසාදිතයින් 14%කින් ඉහළ ගොස් ඇති බවයි.

වයස අවුරුදු 20ත් 30ත් වයසේ පසුවන පසුවන තරුණ පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම මෙසේ ඉහළ ගොස් ඇති බව එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ලක්ෂ 09ක් පඩි ගෙවන පුරවැසි භාවයත් හිමිවෙන රැකියාවට පෝලිමේ යන ශ්‍රී ලාංකිකයෝ.!

මෙරට ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් මේ වනවිට රුසියානු හමුදාවට එක්වී ඇති බවත් රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයකු මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක පමණ වැටුපක් ලබාගන්නා බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

මෙරට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් සහ එරට පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙසේ ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස රුසියානු හමුදාව වෙත එක්වීමට උත්සහකරන බව එම සේවය සදහන් කරයි.

විශේෂයෙන්ම ඒ සදහා උත්සහ දරන්නේ ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින සොල්දාදුවන් බවත් ඔවුන් තම පවුලට යහපත් අනාගතයක් උදා කර දීම සඳහා යුක්රේන හමුදාව අතින් ඝාතනයට ලක් වීමට පවා සූදානමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙරට විශ්‍රාමික හමුදා සොල්දාදුවෙක් වූ 27 හැවිරිදි නිපුණ සිල්වා මෙම මස මුලදී යුක්රේන රුසියා යුද්ධය අතරතුර මියගිය බව ඔහු සමඟ රුසියානු හමුදාවේ සේවය කළ 36 හැවිරිදි සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

යුක්රේන හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයකින් නිපුණ මියගිය බවත් ප්‍රහාරයෙන් නිපුණගේ පපුවට, අත් වලට සහ පාද වලට තුවාල වී අධික ලෙස රුධිරය වහනය වූ බවත් තමන් නිපුණව කර තබාගෙන පැමිණෙද්දී තවදුරටත් එල්ලවූ ප්‍රහාර හමුවේ ඔහුව දමා ඒමට සිදු වූ බවත් සේනක බණ්ඩාර ප්‍රකාශ කර ඇත.

We are happy to invite you.