Unusuma Media

118 Posts
රටම බලා සිටි නව කථානායකවරයා ජගත් වික්‍රමරත්න.?

රටම බලා සිටි නව කථානායකවරයා ජගත් වික්‍රමරත්න.?

අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ දසවෙනි පාර්ලිමේන්තුවේ
කථානායක ධූරය සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන එතුමා වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් වසර ගනනාවක් සේවය කළ පුද්ගලයෙකු වෙයි.

මනාප ඡන්ද සංඛාව 51391ක් ලබාගනිමින් ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී තෝරා පත්කරගැනීමට යෝජනා වී ඇති බව සඳහන් වේ.

රන්වලගේ අස්වීම් ලිපියට ජනපතිගෙන් ප්‍රතිචාර.!

රන්වලගේ අස්වීම් ලිපියට ජනපතිගෙන් ප්‍රතිචාර.!

අනුර කුමාර දිසානායක මහතා විසින් හිටපු කථානායක අශෝක රන්වල මහතා විසින් යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය අනුමත කර තිබේ. 

මේ බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරයාට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් දැනුම් දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64/2 ව්‍යස්ථාවට අනුව කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන පදවිවලින් කවර හෝ පදවියක් දරන්නෙකු ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන්නේ නම් සිය අත්සනින් යුතු ලිපියකින් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දිය යුතුයි.

ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගන්නේ නම් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දිය යුතු වේ.

හිටපු කථානායකවරයා පසුගිය මස 21 වැනිදා කථානායක ධුරයේ දිවුරුම් දුන් අතර ඊයේ ඔහු ඉල්ලා අස්වීමට තීරණය කරන විට ධුරයේ කටයුතු කර තිබුණේ දින 22ක් පමණයි.

ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් කටයුතු කළ කථානායක ධුරයේ වාර්තාවට රන්වල මහතා හිමිකම් කියනු ලබයි.

යුධ හමුදා බුද්ධි අංශ ගැන ආන්දෝලානාත්මක අනාවරණයක්.!

යුධ හමුදා බුද්ධි අංශ ගැන ආන්දෝලානාත්මක අනාවරණයක්.!

ඊයේ (10) තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ පසුගිය 2 වැනිදා ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළ බව පැවසෙන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව, කඩුවෙල මහෙස්ත්‍රාත් චාගිමා විජේබණ්ඩාර මහත්මිය විසින් පොලිසියට නියෝග කර සිටියේ එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසයි.

පසුව පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවු දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළාය.

උද්ඝෝෂණය අතරතුරදි විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහගත් පොලිස් නිලධාරීන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවූ අතර එම අවස්ථාවේ කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා හඳුනාගත් උද්ඝෝෂකයන් තියුණු ආයුධයක් සමගම ඔහුව ග්‍රහණයට ගෙන පොලිසියට භාරදී තිබුණි.

සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසුවේ, නිල් පැහැති කමිසයකින් සැරසී සිටි එම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරීන් සමග පැමිණ සිටි අයකු බවත් සිය සේවාදායකයා එම අපරාධය සිදුකළ බවට ඒත්තු ගැන්වීම සඳහා එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකර ඇති බව පෙනී යන බවත් ය.

අදාල පුද්ගලයා මේ දක්වා සැකකරුවකු ලෙස නම් කිරීමට පොලිසිය කටයුතු කර නොමැති බවද පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු සිය සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසට හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා.

නීතිඥ ශාන් රණසූරිය, දසුන් නාගස්හේන, කමල් විජේසිරි යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සැකකාර පාසල් සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියා.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සංවිධානය කර ඇත්තේ ද පොලිසිය බවත් එහි සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේද පොලිස් නිලධාරීන් පිරිසක් බවත් පවසමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ විත්තියේ නීතිඥවරුන් එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයට කිසිදු විශ්වාසයක් නොමැති බවද අධිකරණයට පෙන්වා දුන්නා.

විපක්ෂ නායක කාර්යාලයට ගෙන්වා අර්චුනාට ගුටි දීලා.!

විපක්ෂ නායක කාර්යාලයට ගෙන්වා අර්චුනාට ගුටි දීලා.!

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ සුජිත් නැමති අයෙකු පාර්ලිමේන්තුවේ  විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන් බවයි.

“මට යම් සිද්ධියක් වුණා . මම පාර්ලිමේන්තුවට ආවේ පළවෙනි වතාවට. මම කතා කරන්න විපක්ෂ නායකගේ ඔෆිස් එකට ගියා.

ඒ මට වෙන් කරලා තියෙන වෙලාව බලන්න. එතකොට එතන සුජිත් කියලා එක්කෙනෙක්  මට ගැහුවා. මේක අපේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙනවා නම් අපි පාරවල් වල යන්නේ කොහොමද?

මට කියන්න තියෙන්නේ කව්රුත් ජාතිවාදය අවුලන්න  හිතන්නවත් එපා කියල විතරයි.. අධිකරණ ඇමතිගෙන් අවවාදයක්.!

මට කියන්න තියෙන්නේ කව්රුත් ජාතිවාදය අවුලන්න හිතන්නවත් එපා කියල විතරයි.. අධිකරණ ඇමතිගෙන් අවවාදයක්.!

පසුගිය දින කිහිපය තුල වඩා කතාබහට ලක්වූ සිදුවීමක් වන එල්ටීටීඊ මහා විරු සැමරීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අදහස් දැක්වීය.

ඔහු පැවසූවේ නව රජය බලයට පැමිණියද පැරනි ජාතිවාදී දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට පැරනි කණ්ඩායම් තවදුරටත් සූදානම් නොමැති බවයි.

එමෙන්ම දේශපාලන වශයෙන් කුමන මඩක් එල්ල කලද නිහඬව සිටීමට සූදානම් නමුත් ජාතීන් අතර ගැටුම් ඇතිකිරීමේ උත්සාහයෙන් යමෙක් සාවද්‍ය ප්‍රකාශ සිදුකරන්නේද, ඊට එරෙහිව දැඩිව ප්‍රතිචාර දක්වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම එවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කටයුතු කරනා බවත් නැවත බිඳ වැටීම් සිදුවීමට ඉඩ නොතබනා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් ප්‍රති ත්‍රස්ත පනත වැනි කුරිරු අන පනත් ඒ සඳහා භාවිත නොකළ බවත් ජනතාව පීඩාවට පත්කරනා නීති යොදා නොගත් බවත් පැවසූ අමාත්‍යවරයා එවැනි පීඩාකාරී අන පනත් වලට එරෙහිව ඉතිහාසයේ සටන් කළ බවද සිහිපත් කළේය.

මේ ඇපල් සමාගමේ අවසානයද.. ටෙස්ලා සහ සැම්සුන්ග් අණතුරු අඟවයි.!

ඊයේ (10) අමෙරිකාවේ කැලිෆෝනියා හි ඇපල් සමාගමේ මූලස්ථානයේ පැවති Developers Conferance හිදී නිවේදනය කරනු ලැබුවේ ඇපල් සමාගමේ මීළඟ දුරකථන මාදිලිය සඳහා කෘතිම බුද්ධියෙන් (Al) බළ ගැන්වෙන Open AI සේවාවන් ඇතුලත් කිරීමට තීරණය කර ඇති බවයි.

එම සමාගම සඳහන් කළේ එම නවතම යාවත්කාලීන කිරීම හරහා ඇපල් සමාගමේ ios මෙහෙයුම් මෘදුකාංගයේ ඇතුලත් ‘Siri’ යෙදවුම හරහා කෙටි පණිවුඩ, ඊ-මේල් පණිඩුව සහ මෙතෙක් ඇතුළත්ව නොතිබූ තුන්වැනි පාර්ශ්වයේ දුරකථන යෙදවුම් සඳහාද ක්‍රියාත්මක වීමේ හැකියාව එමඟින් ලබා දෙන බවත් ඒ අනුව, කෘතිම බුද්ධිය මගින් ඊමේල් පණිවුඩ සඳහා සහ කෙටි පණිවුඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබෙන බවත්ය.

නමුත්, විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නවතම යාවත්කාලීන සම්බන්ධයෙන් ටෙස්ලා සහ ‘X’ හි හිමිකරු වන ඉලොන් මස්ක් විසින් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි.

ඉලෝන් මස්ක් විසින් තොරතුරු වල ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ සමාගම්වලින් අයිෆෝන් භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඔහු ප්‍රකාශකර ඇත්තේ “ඔවුන් ඔබේ දත්ත OpenAl වෙත ලභා දුන් පසු ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්දැයි Apple සමාගමට කිසිදු අදහසක් නැත” යනුවෙනි.

මේ අතර, ඇපල් සමාගමේ ප්‍රධාන තරඟකරු සැම්සුන් සමාගමද ඇපල් සමාගමේ මෙම නිවේදනය ‘X’ පණිඩවුඩයක් ඔස්සේ සමච්චලයට ලක්කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙවැනි බලවත් සමාගම් විසින් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයන් ඇපල් සමාගමේ අනාගතය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇතිකිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

වාහන හිමියන්ට සහනයක්.. රස්තියාදුව ඉවරයි.!

අද (11) සබරගමු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය පැවසූවේ බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීම සබරගමු පළාත් සභාව මගින් මෙම මස 03වන දින සිට ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අනුව, සබරගමු පළාත් සංකීර්නයෙන් ද රත්නපුර සහ කෑගල්ල දීස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29කින්ද බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන නොවන සෙසු පළාත්වල ලියාපදිංචි වූ වාහන සදහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකිවේ.

නොබෝ දිනකින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි වාහන සදහා වාහන ආදායම් බලපත්‍ර පළාත් හතේම අදාල ආයතන වලින් ලබා ගත හැකි වන බව වාර්තා වේ.

කෙසේවෙතත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මීට ඔමිනි බස් රථවලට අදාළ වාහන ආදායම් බලපත්‍ර අදාළ නොවන බවයි.

We are happy to invite you.