Unusuma Writer

1579 Posts
ප්‍රශ්නයට විසදුමක්.. ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්.!

ප්‍රශ්නයට විසදුමක්.. ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්.!

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව විභාග කිරීමට වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබුණේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට අධිකරණ සේවා කොමිසම විසින් ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බවත් ඔහුට මොරටුව දිසා අධිකරණය වෙත මාරුවීමක් ලබාදී ඇත.

මේ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තනූජා ලක්මාලි පත්කර ඇත.

අද සිට ජනාධිපති අරමුදල ගැලවෙයි.!

අද සිට ජනාධිපති අරමුදල ගැලවෙයි.!

ජනාධිපති අරමුදලේ කාර්යාලය මෙතෙක් පවත්වා ගෙන යනු ලැබූ කොළඹ 10, පිහිටි ලේක්හවුස් ගොඩනැඟිල්ලේ 3 වන මහලෙන් ඉවත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.

ඒ අනුව ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහල දක්වා ගෙන යන බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.

අද (01) දින සිට මෙම කාර්යාලය නව ස්ථානයේ ස්ථාපිත කිරීමට නියමිත අතර ජනාධිපති අරමුදලෙහි සේවා ලබාගැනීම සදහා අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට කිසිවකුගේ විශේෂ මැදිහත් වීමක් නැතිව පැමිණ අදාළ කාර්යය ඉටුකර ගත හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.

අවශ්‍යතාව අනුව සලකා බලා හැකි උපරිමයෙන් ජනතාවට සේවය කිරීමට ජනාධිපති අරමුදල ඉතා සක්‍රියව පවත්වා ගෙන යාමට කටයුතු කරන බවද ජනාධිපති ලේකම් කාර්යලය සදහන් කරයි.

රටේම ජනතාව බලාසිටින දිනය මෙන්න.. ආණ්ඩුව සූදානම්.!

රටේම ජනතාව බලාසිටින දිනය මෙන්න.. ආණ්ඩුව සූදානම්.!

2025 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) පෙබරවාරි (18) සිට මාර්තු (21) දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් (31) දින පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සහා රැස්වීමේදී තීරණය කර ඇත.

2025 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ජනවාරි (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සදහන් කළාය.

2025 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) පෙබරවාරි (17) වැනිදා සිදුකිරීමට නියමිත අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි (18) සිට (25) දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතය. 

අනතුරුව පෙබරවාරි (25) ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි (27) සිට මාර්තු (21) දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇත. 

අනතුරුව 2025 විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු (21) වැනිදා ප.ව 6.00ට පැවැත්වීමටද මෙහිදී තීරණය කර ඇත.

“ජනතාවට උපරිම සේවයක්” රාජ්‍ය සේවකයින් ගැන ආණ්ඩුව ගත් තීරණය.!

“ජනතාවට උපරිම සේවයක්” රාජ්‍ය සේවකයින් ගැන ආණ්ඩුව ගත් තීරණය.!

රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

දැනට බඳවා ගත් පිරිස රටේ ජනතාවට සේවය සපයන ආකාරයට විදිමත්ව ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,

“රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදියට බඳවා ගැනීම් සිදුකළත් ඒ අය රජයේ සේවයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ මත තමන්ගේ ජීවිතය සැලසුම් කරගෙන තියෙනවා.

සමහරු බැංකු ණය අරන් ඇති, ජීවිතයට එකතු කරගෙන ඇති එවැනි කෙනෙකුගේ සාමාන්‍ය ජීවිතය අඬාල කරන්න අපි කටයුතු කරන්නේ නෑ. ආර්ථික දුෂ්කරතාවයන් මත ඒ බඳවා ගැනීම් සිදුකර තිබෙන්නේ.

නමුත් අපි රජයෙන් ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. මහජනතාවට උපරිම සේවයක් ලබාදීමට රාජ්‍ය සේවය කළමනාකරණය කරනවා.”

වැඩි කළ රුපියල් 10,000ක දීමනාව ජනවාරි සිට.!

වැඩි කළ රුපියල් 10,000ක දීමනාව ජනවාරි සිට.!

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත.

දෙසැම්බර් මාසයෙන් පසුව වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනාව කප්පාදු කිරීමට සූදානම් බවට පලවී ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය කරුණු මත පදනම් ව ඇති බව එම නිවේදනයේ සදහන් කර ඇත.

රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්, සවිබලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීමක් මේ දිනවල සිදුකරන නමුත් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් කිසිදු අයුරකින් අහිමි කිරීමක් සිදු නොවන බවද සදහන් කරයි.

වකුගඩු රෝගීන්ට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවද එම නිවේදනයේ සදහන් කර ඇත.

ඒ අනුව දැනට වකුගඩු රෝගී දීමනාව ලබන කිසිදු අයෙකුගේ දීමනාව කිසිදු අයුරකින් කප්පාදු නොකරන බවද එම නිවේදනයේ සදහන් කර ඇත.

ආබාධ සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244ක් මෙරට සිටින බවත් එම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බැවින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වැදගත් බවද සදහන් කර ඇත.

හිටපු ජනපති අත්අඩංගුවට ගන්න අනුමැතිය.!

හිටපු ජනපති අත්අඩංගුවට ගන්න අනුමැතිය.!

සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය විසින් අනුමැතිය ලබාදී ඇත.

පසුගිය දෙසැම්බර් (03) වැනිදා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීමෙන් යූන් සුක් යෝල්ට සිය ජනාධිපති ධුරය අහිමි විය.

අනතුරුව එරට අග්‍රාමාත්‍යවරයා, වැඩබලන ජනපති ලෙස පත් කළ අතර එහෙත් ඔහුට එරෙහිව ද විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පත් කළේය.

මුද්‍රණ දෙපාර්තමේන්තුවත් හැක් කරයි.!

මුද්‍රණ දෙපාර්තමේන්තුවත් හැක් කරයි.!

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සදහන් කරයි.

මේ වනවිට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින බවට නිරීක්ෂණය වන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සදහන් කරයි.

ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.!

ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.!

දුම්රියේ වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

දුම්රිය ආසන වෙන් කිරීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව එම නිවේදනයේ සදහන් කර ඇත.

දුම්රිය ස්ථානයට ඇතුළත් වීමේදි හා දුම්රිය තුළදී ප්‍රවේශපත්‍රය පරික්ෂා කිරීමේදී ප්‍රවේශපත්‍රයේ සඳහන් පරිදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කර තහවුරු කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවද සදහන් කරයි.

ජනවාරි (01) වැනිදා සිට වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේදි ප්‍රවේශ පත්‍ර හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අනිවාර්යයෙන්ම මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතුයි.

පොලීසිය හැක් කරයි.. විශේෂ නිවේදනයක්.!

පොලීසිය හැක් කරයි.. විශේෂ නිවේදනයක්.!

ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති අතර මේ වනවිට එහි පාලනය සම්පූර්ණයෙන් ගිලිහී ගොස් ඇත.

මේ වනවිට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සදහන් කරයි.

ඊශ්‍රායලය THAAD ආරක්‍ෂණ පද්ධතිය පණ ගන්වයි.!

ඊශ්‍රායලය THAAD ආරක්‍ෂණ පද්ධතිය පණ ගන්වයි.!

යේමනයේ සිට ඊශ්‍රායලයට දියත් කරන ලද බැලස්ටික් මිසයිලයක් මැඬ පැවැත්වීම සදහා ඇමරිකානු පර්යන්ත ඉහළ උන්නතාංශ ප්‍රදේශ ආරක්ෂක (THAAD) මිසයිල ආරක්ෂණ පද්ධතිය භාවිතා කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ඉරානයේ සහාය ලබන කණ්ඩායමක් වන හූති කැරලිකරුවන් විසින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් වැඩි දියුණු කරන ලද THAAD පද්ධතියට පෘථිවි වායුගෝලය තුළ සහ ඉන් පිටත මිසයිල වලට බාධා කිරීමේ හැකියාව ඇත.

කෙටි, මධ්‍යම සහ අතරමැදි බැලස්ටික් මිසයිල වලට ඒවායේ පර්යන්ත අවධියේදීම බාධා කිරීමට මෙය සැලසුම් කර ඇති අතර සාම්ප්‍රදායික පද්ධති මෙන් නොව THAAD තර්ජන උදාසීන කිරීමට චාලක ශක්තිය මත රඳා පවතී. එන මිසයිල පුපුරන සුලු යුද ශිර්ෂයකට වඩා බලපෑමෙන් විනාශ කරයි.

සම්මත THAAD බැටරියකට ට්‍රක් රථ සවිකර ඇති දියත් කිරීම් හයක් ඇතුළත් වන අතර එම සෑම එකක්ම රේඩාර් සහ ගිනි පාලන පද්ධතියක් සමගින් ඉන්ටර්සෙප්ටර් අටක් දක්වා රඳවා ගැනීමේ හැකියාව ඇත.

මෙම පද්ධතියේ රේඩාර්වලට කිලෝමීටර් 870 සිට 3000 දක්වා පරාසයක තර්ජන හඳුනාගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

We are happy to invite you.