Unusuma Writer

1579 Posts
රිළා ප්‍රශ්නයට විසඳුම වැනසීමයි.. සමීක්ෂණයකින් හෙළිවෙයි.!

රිළා ප්‍රශ්නයට විසඳුම වැනසීමයි.. සමීක්ෂණයකින් හෙළිවෙයි.!

රිළා හානිය පාලනය කිරීම සදහා පැවැත් වූ ග්‍රාමීය මට්ටමේ යෝජනා ලබා ගැනීමේ වැඩසටහන්වලදී 80%කට වඩා ජනතාව යෝජනා කර ඇත්තේ වැඩි සතුන් විනාශ කිරීම බව ගම්පොළ උඩ පළාත හා දොළුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලදී හෙළිවෙයි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆස්මින් ශරීෆ්ගේ සභාපතිත්වයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න හා උඩ පළාත සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.ඒ. හේරත්ගේ සහභාගිත්වයෙන් මෙම කමිටු රැස්වී ඇත.

මෙම රැස්වීම්වලදී වන සත්ව හානි සහ ජනතාව විඳින පීඩා පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අතර සභාපතිවරයා සදහන් කළේ, ගොවීන්ගේ වගා හා ජනතාවගේ නිවාස බේරා ගැනීමට නම් ශීඝ්‍රයෙන් පැතිරෙන රිළා, වඳුරු ගැටලු විසඳීමට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතු බවයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්තගේ දැනුම්දීම අනුව මෙම සියලු වාර්තා එළඹෙන ජනවාරි සම්බන්ධීකරණ කමිටුවට පෙර ඉල්ලා ඇත.

ලෝක සෞඛ්‍ය ලොක්කා නූලෙන් බේරෙයි.!

ලෝක සෞඛ්‍ය ලොක්කා නූලෙන් බේරෙයි.!

ඊශ්‍රායලය විසින් යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල කළ අතර එම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus ගුවන් යානයකට යාමට සූදානම් වෙමින් සිටි ඇත.

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරය එල්ල වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා යේමනයේ සානා අගනුවර ගුවන් යානයකට ගොඩ වීමට බලා සිටි අතර එම ප්‍රහාරයක් එල්ල වූ විට එක්සත් ජාතීන්ගේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තුවාල ලබා තොටු පොළේ සිටි තවත් තිදෙනකු මිය ගියේය.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සදහන් කළේ, තමන් සහ එක්සත් ජාතීන්ගේ සගයන් යේමනයේ ප්‍රධාන ගුවන් තොටුපොළේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කරන විට “මරණයෙන් බේරුණේ යන්තමින්” බවයි.

යේමනයේ හවුති කැරලිකරුවන් සහ ඉරානය භාවිතා කරන යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව සදහන් කරයි.

මෙම ප්‍රහාරය වන අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සානා ගුවන් තොටුපොළේ සිටි බව තමන් නොදැන සිටි බවද ඊශ්‍රායල හමුදාව තවදුරටත් සදහන් කරයි.

තව මාස දෙකයි.. ජනතාවට සුබ ආරංචියක්.!

තව මාස දෙකයි.. ජනතාවට සුබ ආරංචියක්.!

දිවයින පුරා දුම්රිය අවලංගු වීම සහ ප්‍රමාදයන්ට හේතු වශයෙන් බලපෑ අමතර කොටස් හිඟයට විසඳුම් ලබාදී තවත් මාස දෙකකින් ඒ තත්ත්වය මහ හැරවීමට කටයුතු කරන බව නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සදහන් කරයි.

දැනට දුම්රිය එංජින් කිහිපයක් නඩත්තු කිරීම සදහා රත්මලාන හා මාලිගාවත්ත දුම්රිය අංගණ වෙත භාරදී ඇති අතර ඒවා ලැබුණු පසු මෙම තත්ත්වයට විසඳුම් ලැබෙනු ඇතැයි සාමාන්‍යාධිකාරිවරයා විශ්වාසය පළ කරයි.

දුම්රිය මගීන්ගෙන් දිනෙන් දින එල්ල වන චෝදනා ඉවත් කර ඉතා යහපත් දුම්රිය සේවාවක් ඉදිරියේදී ලබාදීමට සියලු දුම්රිය සේවකයන්ගේ සහභාගිත්වයෙන් කටයුතු කරන බවද සාමාන්‍යාධිකාරිවරයා සදහන් කරයි.

මේ අතර දුම්රිය ප්‍රමාද වීම් හා අවලංගු වීමට ප්‍රධාන හේතුව, දුම්රිය එංජින්වල පවතින හිඟතාව වන අතර දැනට ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින්නේ එංජින් 50කටත් අඩු ප්‍රමාණයක් බව වාර්තා වේ.

අවුරුදු 12ට අඩු දරුවන් වෙනුවෙන් ගැසට් නිවේදනය නිකුත් කරයි.!

අවුරුදු 12ට අඩු දරුවන් වෙනුවෙන් ගැසට් නිවේදනය නිකුත් කරයි.!

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනවාරි (01) වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන බව පසුගිය (06) වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මේ බව සදහන් කළේය.

දැගලුවේ පොඩ්ඩයි.. ලොකු තනතුරක්.!

දැගලුවේ පොඩ්ඩයි.. ලොකු තනතුරක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත් කර ඇත.

මෙම පත්වීම පසුගිය (20) වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී නීතිඥ මනෝජ් ගමගේ වෙත භාරදී ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට ISIS ත්‍රස්තයින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලැබී ඇතැයි නීතිඥ මනෝජ් ගමගේ පසුගියදා හෙළිදරව්වක් කළේය.

කෙසේ වෙතත් නීතිඥ මනෝජ් ගමගේගෙන් එම තොරතුර ලැබුණ ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල සදහන් කළේය.

බන්ධනාගාර ජම්පරයත් අතේ මුදලින්.!

බන්ධනාගාර ජම්පරයත් අතේ මුදලින්.!

සිරකරුවන් 500කට අධික සංඛ්‍යාවක් අගුණ කොළපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියද ඒ අතරින් 75 දෙනෙකු පමණ සිර ඇඳුම් නොමැති වීම නිසා පෞද්ගලිකව සපයා ගත් ඇඳුම් භාවිතා කරන බව 2023 කරන ලද විගණන පරීක්ෂණයේදී හෙළිවී ඇත.

බන්ධනාගාර ආඥාපනතේ 54 ඡේදයට අදාළව 1956 සිදු කළ සංශෝධනයන්හි 223 පරිච්ඡේදයේ විධිවිධානවලට අනුව සෑම සිරකරුවෙකු සදහාම උප ලේඛන II හි දැක්වෙන විධිවිධානයන්හි පරිමාණයන්ට අනුව රජය මගින් අනුමත කරන ලද සිර ඇඳුම් ඇඳීම හා භාවිතා කිරීම කළ යුතු බව එම විගණන වාර්තාවේ සදහන් වේ.

සිරකරුවන්ට ලබාදී ඇති සිර ඇඳුම් පවා හොඳ තත්ත්වයේ නොමැති බවට නිරීක්ෂණය වූ බවද එම විගණන වාර්තා හෙළි කරයි.

නව නාවික හමුදාපති පත් කරයි.!

නව නාවික හමුදාපති පත් කරයි.!

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම පත් කිරීම කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හෙට දින විශ්‍රාම යෑමට නියමිතය.

පාසල් ළමුන්ට ලබාදෙන රුපියල් 6,000ක දීමනාව ගැන නිවේදනයක්.!

පාසල් ළමුන්ට ලබාදෙන රුපියල් 6,000ක දීමනාව ගැන නිවේදනයක්.!

අස්වැසුම හිමි පවුල්වල ළමුන් සදහා ලබාදෙන රුපියල් 6,000ක දීමනාව පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදුවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී ඇත.

ඒ අනුව පාසල් යන ළමුන්ගෙන් 55%කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී තිබෙන අතර මෙම ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් ගන්නා බවට නිරීක්ෂණය වන බව ද අදාළ නිවේදනයේ සදහන් වේ.

එලෙස බලපෑමට ලක්වූ ළමුන් අතරින් 53.2%ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවත් 26.1%ක් පෙර භාවිතා කරන ලද පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බවද අනාවරණය වී ඇත. 

පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් එළඹෙන 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා පාසල් ළමුන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සදහා ද එක් ළමයෙකුට රුපියල් 6,000ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබාදීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරයි.

බැංකු පද්ධතිය කඩා වැ⁣ටීමේ අවදානමක්.!

බැංකු පද්ධතිය කඩා වැ⁣ටීමේ අවදානමක්.!

මෙරට බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 10% දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කර ගැනීමට පෙළෙඹෙන බවත් ඉන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බව ආර්ථික විශ්ලේෂකයෝ සදහන් කරයි.

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5%ක්ව පවතින වර්තමානයේත් බොහෝ දෙනෙක් සිය තැන්පතු ඉවත්කර ගෙන තිබෙන බවත් මේ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම පොලියෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 13 සිට 05ක් දක්වා අඩුවී තිබෙන බව බැංකුකරුවන්ගේ ආයතනය සදහන් කරයි.

බැංකු පොලියෙන් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද 10% ක් දක්වා වැඩි කිරීම නිසා ඒ ආදායම තවදුරටත් අඩුවනු ඇතැයි ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ ලොක්කෙක් CIDයට කැඳවයි.!

පාර්ලිමේන්තුවේ ලොක්කෙක් CIDයට කැඳවයි.!

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ආචාර්ය පදවිය සඳහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් මෙහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇත.

අනතුරුව සභා නායක කාර්යාලයේ හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන්ගෙන්ද මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සටහන් කිරීම සම්බන්ධව පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා පසුගියදා සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

We are happy to invite you.