Unusuma Writer

1579 Posts
උණුසුම් කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්.!

උණුසුම් කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්.!

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දීමක් කරයි.

විජලනය වීම වළක්වා ගැනීම සදහා දියර වර්ග වැඩි වශයෙන් පානය කළ යුතු බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී විජේසූරිය සදහන් කරයි.

මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හිසරදය, වමනය, ඇඟපත වේදනාව, නිදිමත ගතිය වැනි රෝගී ලක්ෂණ මතු වියහැකි බවද වෛද්‍යවරුන් සදහන් කරයි.

2024 අවසානයේ ජනතාවට විශේෂ නිවේදනයක්.!

2024 අවසානයේ ජනතාවට විශේෂ නිවේදනයක්.!

2024 වර්ෂය අවසානයේ නිවාඩුව ගතකිරීම සදහා දේශීය සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයින් ද සංචාරක ස්ථාන කරා පැමිණීම ඉහළ ගොස් ඇත.

සංචාරක ස්ථාන කරා පැමිණීම ඉහළ ගොස් ඇති බැවින් ජීවිත ආරක්ෂාව මෙන්ම පරිසරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ ඉල්ලීමක් කරයි.

විදේශීය සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයේ නිරත වන බවත් මේ හේතුවෙන් සංචාරක ස්ථානවල ධාරිතාව ඉක්මවා අධික තදබදයක් වාර්තා වී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

එනිසා ජීවිත ආරක්ෂාව, පරිසරයේ ආරක්ෂාව සහ විදේශීය සංචාරකයන්ට බාධා නොවන අයුරින් නිවාඩු සමය ගතකරන ලෙස සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඖෂධවේදියෙක් නෑ.. ලියාපදිංචිත් නෑ.. 3000ක් රට පුරා.. ජනතාව අනතුරේ.!

ඖෂධවේදියෙක් නෑ.. ලියාපදිංචිත් නෑ.. 3000ක් රට පුරා.. ජනතාව අනතුරේ.!

රට පුරා ලියාපදිංචි නොවූ ඔසුසල් 3000 කට ආසන්න ප්‍රමාණයක් ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම සදහන් කරයි.

ඖෂධ ශාලා 5000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා ඇති බවත් එයින් 2000ක් ලියාපදිංචි කොට පවත්වා ගෙන යන ඒවා බවද සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම සදහන් කරයි.

බරපතළ චෝදනාවන්ට ලක් වූ ඔසුසල් 60ක බලපත්‍ර මේ වසරේ ගත වූ කාලය තුළ තහනම් කළ බවත් ඔසුසලකට එරෙහිව චෝදනාවක් නැගුණු වහා එහි බලපත්‍රය තහනම් නොකරන බවද සභාපතිවරයා සදහන් කරයි.

පළමු පියවර ලෙස නඩු මගට බසින බවත් එහිදී ලැබෙන තීන්දුව අනුව දඩ මුදල් ගෙවීමට හා භාෂා 3 න්ම සමාව ගැනීමේ පුවත්පත් නිවේදන පළ කිරීමට ඔසුසල් හිමියාට සිදුවන බවද සභාපතිවරයා සදහන් කරයි.

එම ඖෂධ ශාලා හිමියන් සිදුකරන බරපතළම වරද ඖෂධවේදියකු නැතිව ඔසුසල් පවත්වාගෙන යෑම බවද සභාපතිවරයා තවදුරටත් සදහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මේ බව සදහන් කරයි.

ආන්දෝලනාත්මක මෙහෙයුමක් ආණ්ඩුව වහාම නතර කරයි.!

ආන්දෝලනාත්මක මෙහෙයුමක් ආණ්ඩුව වහාම නතර කරයි.!

මෙරට දීර්ඝ කාලයක් තිස්සේ අසාර්ථක වූ පලවා හැරීමේ ක්‍රම වේදය මගින් අලින් වනෝද්‍යාන වලට කොටු කිරීම සදහා ක්‍රියාත්මක කළ ආන්දෝලනාත්මක මෙහෙයුම් වහාම නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

2006 වසරේදී සහ 2020 වසරේදී විශේෂඥ කමිටු මගින් දීර්ඝකාලීන පර්යේෂණ අත්දැකීම් යොදා ගනිමින් සකස් කළ අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ ජාතික සැලසුම් ඇතත් ඒවා බැහැර කරමින් මෙසේ අසාර්ථක ක්‍රමවේදයක් මගින් අලින් ජනාවාස ප්‍රදේශ වලින් ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව රැසක දැඩි විරෝධයට හේතු විය.

මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී පරිසර ඇමැති ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයෝ පිරිසක් පරිසරවේදීන් සහ ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා ගණනාවක් පැවැත්වූහ.

ජෛව වැට සහ විදුලි වැට ඉදිකිරීම, අලි කොරිඩෝ විධිමත් කිරීම, හඳුනාගත් අලි මංකඩ 16 ආරක්ෂා කිරීම සහ වනාන්තර කොටස් සුරක්ෂිත වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඇතුළු ඒ ජාතික සැලසුම්වල ඇති යෝජනා රැසක් මේ සාකච්ඡා වලදී අවධානයට ලක්විය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ගත් තීරණ වලට අනුව කෙටිකාලීනව අලි පලවා හැරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද, අලි – මිනිස් ගැටුම අවම කිරීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය එය නොවන බව පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි සදහන් කරයි.

ඒ සඳහා විශේෂඥයන්ගේ අදහස් ලබා ගනිමින් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම කඩිනමින් ආරම්භ කරන බවද ඇමැතිවරයා සදහන් කරයි.

මීට පෙර කළ මෙවැනි මහා පරිමාණ අලි පලවා හැරීමේ මෙහෙයුම් හේතුවෙන් ලුණුගම් වෙහෙර ජාතික වනෝද්‍යානයට කොටු කළ අලින් රැසක් ප්‍රමාණවත් ලෙස ආහාර නොමැති වීම නිසා මිය ගිය බවත් එවැනි අත්දැකීම් තිබියදී මෙවැනි මෙහෙයුම් කිරීම බරපතළ අවිද්‍යාත්මක තීරණයක් බවට පරිසරවේදීන්ගෙන් චෝදනා එල්ල විය.

කොරියානු ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර.. මියගිය ගණන තවත් ඉහළට.!

කොරියානු ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර.. මියගිය ගණන තවත් ඉහළට.!

ජේජු එයාර් සමාගමට අයත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළේදී අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 122 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ගුවන් යානය ගොඩ බැස්වීමට යාමේදී, ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති අතර මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු සිට ඇත.

පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු අනතුරින් දිවි බේරා ගැනීමට සමත් වී ඇති අතර අනතුරට හේතුව, යානය ගොඩබස්වන විට පැවති අයහපත් කාලගුණය හෝ කුරුල්ලන් යානයේ ගැටීමක් විය හැකි බවට සැක පළ කරයි.

යානයේ ගමන්ගත් ඉතිරි පුද්ගලයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත් දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පවසා ඇත්තේ, ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැඩි අපේක්ෂා තබාගත නොහැකි බවයි.

ජේජු ගුවන් සේවාවට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් ආරම්භ කර තිබුණේ අද අලුයම් කාලයේදීය.

ජනතාවගේ ඇස් වසා හිටපු මැති ඇමතිලා රඟපු රජ කෙළි.!

ජනතාවගේ ඇස් වසා හිටපු මැති ඇමතිලා රඟපු රජ කෙළි.!

මේ රටේ අන්ත දිළිඳු පවුල් ගණන 480,000ක් වන අතර එම පවුල් වල අයට අස්වැසුම ප්‍රතිලාභ යටතේ මාසයකට ලබා දුන්නේ රුපියල් 15,000ක දීමනාවකි. එම දීමනාව රුපියල් 17,500ක් දක්වා රුපියල් 2500කින් වැඩි කර ඇත.

දිළිඳු පවුල් ගණන 960,000ක් වන අතර එම පවුල් වෙත මෙතෙක් මසයකට ලබාදුන් රුපියල් 8500 දීමනාව රුපියල් 10,000 දක්වා 2,500කින් වැඩි කර ඇත.

රටේ සිටින සංක්‍රාන්ති පවුල් ගණන 480,000ක් වන අතර අවදානම් කලාපයේ සිටින පවුල් ගණන 480,000කි. එම දෙපිරිසටම මසකට ලැබෙන්නේ රුපියල් 5000ක දීමනාවකි.

මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවක් ජීවත් වන අතර මෙරට ඇති පවුල් ප්‍රමාණය ලක්ෂ 51ක් පමණ වේ. මෙම පවුල් ලක්ෂ 51න් විශාල පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ ලබන ජන කොටසක් බවට මේ වනවිට පත්ව සිටී.

රටේ අන්ත දිළිඳු ජනතාවට ජනපති අරමුදලින් සැත්කම් සදහා ලබා දෙන්නේ රුපියල් ලක්ෂයක, දෙකක මුදලක් පමණි. එහෙත් මැති ඇමැතිලාට අරමුදලින් ලබා දෙන්නේ රුපියල් කෝටි ගණන් වලිනි. ඇත්තටම එය ජනාධිපති අරමුදලක් නොව “මැති ඇමැති සෞඛ්‍ය අරමුදලක්” බවට පත් වූ එකකි.

හිටපු මැති ඇමතිලා ආරක්ෂාවට වැය කරන්නේ රුපියල් කෝටි ගණන් වලින් වන අතර මෙතෙක් කලක් රට පාලනය කළ පුද්ගලයින් කර ඇත්තේ දුප්පතුන්ගේ කර මතින් බලයට පැමිණ ප්‍රභූ වෙස් ගෙන පොදු මහජන මුදල් සිය පවුල්වල සුඛ විහරණයට යොදා ගැනීමය.

දැන් බලයට පත්ව සිටින්නේ නිර්ධන පන්තියකි. නිර්ධන ඡන්දවලින් බලයට පත්ව සිටින නිර්ධන පන්තියේ අය දැන් කළ යුත්තේ ප්‍රභූන්ගේ මුදල් ගෙන නිර්ධනයන්ට දීම නොව, නිර්ධන පන්තියට හිමි මුදල් ඔවුන්ගේ උන්නතියට වෙන් කිරීමය.

තවත් එකක් කිව යුතුය.. මේ රටේ ජනතාව මාලිමාව ඉදිරියේ කතිරය ගසා ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු 159ක් පාර්ලිමේන්තුවට නොයැව්ව නම් මෙම ජනාධිපති අරමුදලේ ⁣එක කරුණක් හෝ රටේ ජනතාවට දැන ගන්නට ලැබෙන්නේ නැත.

ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්.!

ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්.!

රටේ ආරක්ෂක අංශ සතු මූලික කාර්යභාරය වන දේශයේ ආරක්ෂා කිරීම සදහා පමණක් ආරක්ෂක හමුදා යොදවන බවට සහතික වන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සදහන් කරයි.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ සෙනසුරාදා (28) දින පැවති වර්ණවත් නාවික හමුදා විසිර යාමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් සදහන් කළේ,

“අප සතු ආරක්ෂක හමුදාවන් නවීන තාක්ෂණයන් සහ යුද්ධොපකරණ සමඟින් නවීකරණය කිරීමට අප උපරිම උත්සාහයක් දරමින් සිටින්නෙමු. අප රටේ ආරක්ෂක අංශ සතු මූලික කාර්යභාරය වන දේශයේ ආරක්ෂාව සඳහා පමණක් අපගේ ආරක්ෂක හමුදා යොදවන බවට අපි සහතික වන්නෙමු.

අපගේ ත්‍රිවිධ හමුදාවන් සතු මානව හා භෞතික සම්පත් ප්‍රශස්ත අන්දමින් භාවිතා කිරීම සහතික කිරීම මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සන්නද්ධ හමුදා ව්‍යුහය සමාලෝචනය කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඊට අදාළව ත්‍රිවිධ හමුදා බඳවා ගැනීම් ක්‍රියාත්මක කිරීම සහ පිරිස් තෝරා ගැනීමේදී ප්‍රමාණාත්මක අවශ්‍යතාවන්ට වඩා ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු කිරීමට ද අප බලාපොරොත්තු වන්නෙමු.”

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා ද සහභාගි විය.

සභාව ආමන්ත්‍රණය අතරතුර දේශයේ චිරස්ථිතිය උදෙසා සිය උපරිමයෙන් දායකත්වය දැක්වූ සියලු රණවිරුවන් වෙත උපහාර පුද කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, මෙරට සියලු පුරවැසියන් හට යහපත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් ඔවුන් කළ උත්තරීතර කැපකිරීම වෙනුවෙන් සදාකාලිකව රණවිරුවන් වෙත අපගේ ගෞරවය හා ස්තූතිය හිමි විය යුතු බව නැවතත් අවධාරණය කලේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හා නාවික හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති කොමදෝරු ආර් ජෝසප් විසින් දිවයිනේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති ප්‍රධානතම වරාය නගරය වන ත්‍රි කුණාමලයේ පිහිටි නාවික හමුදාවේ උසස්ම පුහුණු හා උසස් අධ්‍යාපන ආයතනය ලෙස සැලකෙන නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

අනතුරුව, චිරාගත නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්ෂක ලේකම්වරයා වෙත ගෞරව පිණිස සම්මාන මුරයක් පිරිනමන ලදී.

මෙදින පැවති නාවික සාම්ප්‍රදායානුකූල රාත්‍රී විසිර යාමේ පෙළපාලියේදී ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 38 වන සහ 39 වන කණ්ඩායම් වලට අයත් කැඩෙට් නිලධාරීන් 16 දෙනෙකු සහ නාවික බඳවා ගැනීම් 1/2023 කණ්ඩායමට අයත් කැඩෙට් නිලධාරීන් 13 දෙනෙකු සිය පාඨමාලාවන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව විසිර ගියහ.

සිලින්ඩර සන්ධානය අවසන්.. ආපසු හිටපු තැනටම.!

සිලින්ඩර සන්ධානය අවසන්.. ආපසු හිටපු තැනටම.!

ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) එක්ව කටයුතු කළ නමුත් මේ වනවිට එම සිලින්ඩර සන්ධානය අවසන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සදහන් කරයි.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇතිකරගත් සන්ධානය අවසන් බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තනි පක්ෂයක් බවද හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක සදහන් කරයි.

පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා මැතිවරණය වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලෙස ඉදිරිපත්වන බව හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක සදහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂ සාමාජිකයින්ගේ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක මේ බව සදහන් කරයි.

නව වස⁣රේ අලුත් වැඩක්.. නාමල් පොහොට්ටුව පුප්පයි.!

නව වස⁣රේ අලුත් වැඩක්.. නාමල් පොහොට්ටුව පුප්පයි.!

එළඹෙන 2025 වසරේ පුළුල් ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ශක්තිමත් කරන බව පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සදහන් කරයි.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සදහා ජාතික කැඳවුම්කරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඉන්දික අනුරුද්ධ යන හිටපු මන්ත්‍රිවරුන්ගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටු දෙකක් පත් කළ බවද සදහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී පක්ෂය කඩා වැටුණු අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී යම් පිබිදීමක් පක්ෂය තුළ දකින්නට ලැබුණ බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

බිම් මට්ටමින් හා ගම් මට්ටමින් සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කෙරෙන බවත් නව දිශාන්තයක් ඔස්සේ පක්ෂය ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවත් පක්ෂය ශක්තිමත් කර ප්‍රධාන තනි පක්ෂයක් ලෙස මැතිවරණ වලට මුහුණ දීමට ක්‍රියා කරන බවද සදහන් කරයි.

පක්ෂය කඩාගෙන ගිය පිරිස යළි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අදහස් දෙකක් ඉදිරිපත් වූ බවත් පක්ෂය කඩා වැටුණු වේලේ එය අතහැර නොගිය පිරිසට හානියක් නොවන ලෙස ඔවුන් නැවත බඳවා ගැනීමට කටයුතු කරන බවද මන්ත්‍රි නාමල් රාජපක්ෂ සදහන් කරයි.

ජීවිතයකට හානියක් වුණොත් සියලු නිලධාරීන් වගකීම භාරගත යුතුයි.!

ජීවිතයකට හානියක් වුණොත් සියලු නිලධාරීන් වගකීම භාරගත යුතුයි.!

බාල ඖෂධ රට තුළ තිබෙන බවට තහවුරු වුවහොත් හෝ ඖෂධ හේතුවෙන් යමෙකුගේ ජීවිතයට හානි සිදු වුවහොත් වර්තමාන සෞඛ්‍ය ලේකම් ඇතුළු සියලු නිලධාරීන් එම වගකීම භාරගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැති ලෙස බාල ඖෂධ මෙරටට ගෙනා බවත් ඒ කාලයේ සිටි නිලධාරින් සමග සෞඛ්‍ය පද්ධතිය සාර්ථකව ඉදිරියට ගෙනයා නොහැකි බවද වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් වීරසිංහ රට තුළ බාල ඖෂධ නැතැයි කීම අසත්‍යයක් බවද වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

කෝටි ගණනක් වැය කොට වෛද්‍ය සැපයුම් ඒකකයට මිලදී ගෙන තිබෙන දත්ත පද්ධතිය නිසි පරිදි යාවත්කාලීන නොකරන බවත් රට තුළ ඇති ඖෂධ හිඟයට වගවිය යුතු නිලධාරීන්ට නෛතික පියවර ගත යුතු බවද වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

We are happy to invite you.