Unusuma Writer

1569 Posts
පාර්ලිමේන්තුවේ අනංගයින් තුනක් ගෙදර යවයි.!

පාර්ලිමේන්තුවේ අනංගයින් තුනක් ගෙදර යවයි.!

පාර්ලිමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මෙම තීරණය ගෙන ඇත.

මෙම ලිංගික අතවර සිද්ධිය පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදී සිදුවී ඇතැයි පැවසෙන අතර එම සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15 දෙනෙකුගෙන් කමිටුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අමුමිරිස් නහුතෙට නගී.!

අමුමිරිස් නහුතෙට නගී.!

මේ වනවිට අමුමිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ සදහන් කරයි.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 750ත් 850ත් සදහන් විය.

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් පසුගියදා රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබුණේය.

මේ අතර රට පුරා එළවළු සිල්ලර වෙළඳසල් බොහොමයක අමුමිරිස් ග්‍රෑම් සීයක් රුපියල් 120ත් රුපියල් 150ත් අතර මිලකට ඉහළ ගොස් තිබුණේය.

ඒ අනුව සාමාන්‍ය ජනතාවට අමු මිරිස් කිලෝ එකක් ගන්නා විට රුපියල් 1200ත් 1500ත් අතර මිලක් ගෙවීමට සිදුවෙන බව පාරිභෝගිකයෝ සදහන් කරයි.

පොලීසියට වෙට්ටු දැම්මොත් දඩය 30,000යි.!

පොලීසියට වෙට්ටු දැම්මොත් දඩය 30,000යි.!

පොලිස් සංඥා නොතකමින් රියදුරු බලපත්‍රයක් නොමැතිව පොලිසියට වෙට්ටු දැමූ බාලවයස්කාර පැදිකරුට රුපියල් 30,000ක දඩ මුදලක් නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් එම බාලවයස්කරුට යතුරු පැදිය ලබා දෙමින් අනුබල දුන් මවට කඩිනමින් නඩු පවරන ලෙසට නියම කර ඇත.

කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිකාර බාලවයස්කරුවකුට එලෙස දඩ නියම කළ අතර එහිදී නඩුව කැඳවූ මුල් අවස්ථාවේ සැකකරුගේ වයස විමසූ මහෙස්ත්‍රාත්වරයා නඩුව පසුවට ගෙන සැකකාර බාලවයස්කාර රියැදුරා පරිවාස නිලධාරී වෙත යොමුකොට නැවත කැඳවන ලෙසටද නියම කළේය.

අනතුරුව එම බාලවයස්කාර සිසුවාගේ මවද අධිකරණය ඉදිරියට කැඳවා බලපත්‍රයක් නොමැති බාලවයස්කරුවකුට යතුරු පැදිය ලබාදීම සම්බන්ධව තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා රථවාහන නිලධාරීන් අමතා බලපත්‍ර නොමැති අයකුට රථ වාහන ලබාදීම සම්බන්ධව නඩු පවරන ලෙසට නියම කර ඇත.

පාස්කු ප්‍රහාර අල්කයිඩා හා I.S.I.S පුහුණුව ලැබූ අයෙක් රිමාන්ඩ්.!

පාස්කු ප්‍රහාර අල්කයිඩා හා I.S.I.S පුහුණුව ලැබූ අයෙක් රිමාන්ඩ්.!

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගත් අල්කයිඩා හා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත පුහුණුව ලැබූ සැකකාර පුද්ගලයකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.

සිරියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයක ක්‍රියාත්මක අල්කයිඩා හා අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධව පුහුණුව ලබා මෙරටට පැමිණ ඇති බව කියන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නිලාබ්දින් මොහොමඩ් රිස්වාන් නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකාර පුද්ගලයා අධිකරණ නියෝග මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අනුබල ලබාදීමේ චෝදනාව යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවත් ඒ අනුව ඒ පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සැකකාර පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි කරගෙන අත්අඩංගුවට ගත් බවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සදහන් කරයි.

තවත් වංචාවක් හෙළිවෙයි.. අහුවෙන්න එපා.!

තවත් වංචාවක් හෙළිවෙයි.. අහුවෙන්න එපා.!

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව පවත්වාගෙන යන රැකියා ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වංචනික ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

මුහුණු පොත ඇතුළුව අන්තර්ජාල සේවාවන් ඔස්සේ පළකර තිබෙන දැන්වීමකට අනුව එහි සේවය කිරීමට ඇති ස්ථානය මුල් පිටුව කාර්යාලය ලෙස සඳහන් කර ඇත.

මෙම රැකියාව අන්තර්ජාලය ඔස්සේ කරගෙන යෑමට අවශ්‍ය වන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් බවද එම දැන්වීමෙහි සඳහන් කර ඇත.

වට්සැප් මාර්ගයෙන් මෙම රැකියා ව්‍යාපෘතිය හා සම්බන්ධ විය හැකි බවත් දෛනිකව ක්‍රියාත්මක මෙම අර්ධ කාලීන රැකියාව මගින් දෛනිකව රුපියල් 17,500ත් 46,000ත් අතර මුදලක් පහසුවෙන් උපයාගත හැකි බවද එහි සඳහන් කර ඇත.

මේ සඳහා සම්බන්ධ වන්නන් හට සෑම දිනකම මිනිත්තු 3කදී තමන්ට හිමි කොමිස් මුදල ලබාගත හැකි බව සඳහන් කර තිබුණ ද මෙම රැකියාවේ තත්ත්වය කුමක්දැයි දැන්වීම් කරුවන් විසින් සඳහන් කර නොමැත.

මීට සම්බන්ධ වන්නන් ඒ සදහා ලියාපදිංචි වීමට රුපියල් 2,000ක මුදලක් කිසියම් ගිණුමකට බැර කළ යුතුව තිබෙන අතර ඉන් පසුව ඔවුන් සමඟ සම්බන්ධ වූ දුරකථන සබඳතාව මෙම වංචනික ජාවාරම්කරුවන් විසින් විසන්ධි කර දමන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ බවට පළ කර තිබීම හේතුවෙන් මේ වන විට මෙම අන්තර්ජාල වංචාවට විශාල පිරිසක් හසු වී තිබෙන බවද වාර්තා වේ.

දුම්වැටි මිල ඉහළ⁣ට.!

දුම්වැටි මිල ඉහළ⁣ට.!

හෙට (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා ඇත.

කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස වැඩිකර ඇත.

CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර ඇත.

දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ගත් තීරණය.!

දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ගත් තීරණය.!

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට අද (10) දින පස්වරුවේ මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සදහන් කරයි.

වෛද්‍ය නිර්දේශ අනුව දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි බවත් බන්ධනාගාර රෝහලේ රැදවීමේ අවශ්‍යතාවයක් නොමැති බවට විශේෂ වෛද්‍ය මණ්ඩලයක් නිර්දේශ කිරීම නිසා සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත.

ඇමති දැඩි තීරණයක් ගනී.. තවත් ලොක්කෙක් ගෙදර යවයි.!

ඇමති දැඩි තීරණයක් ගනී.. තවත් ලොක්කෙක් ගෙදර යවයි.!

චෝදනා කිහිපයක් හේතුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පියවර ගෙන ඇත.

ජාතික සංවර්ධනය සඳහා විනයගරුක ප්‍රවේශයක්.!

ජාතික සංවර්ධනය සඳහා විනයගරුක ප්‍රවේශයක්.!

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (09) රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සංචාරයක නිරත විය.

විශ්ව විද්‍යාලය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා එහි උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව සාකච්ඡාවක් සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා උපකුලපතිවරයා සමඟ සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි අතර මෙහිදී විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය, ජයග්‍රහණ සහ ප්‍රගතිය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදි.

මෙම දැනුවත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා අධ්‍යයන හා අනධ්‍යයන කාර්‌ය මණ්ඩල සාමාජිකයින්, හමුදා නිලධාරීන්, සෙසුනිලයින් සහ විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් සමන්විත වූ සභාව ඇමතිය.

වත්මන් රජය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ගෙන ඇති බවත්, සෑම කෙනෙකුටම අවස්ථාවන්ගෙන් පිරුණු යහපත් පරිසරයක් නිර්මාණය කරමින් රට වර්තමානයේ මුහුණ දී සිටින බුද්ධි ගලනය නැවැත්වීමට සෑම උත්සාහයක්ම ගන්නා බවත් ඔහු පැවසීය.

විනය සහ යහපත් හැසිරීම පවත්වා ගනිමින් තරුණ පරපුරට දැනුම සහ කුසලතා පදනම් කරගත් අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම ඔහු අවධාරණය කල අතර, ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම පාලනයක් හා විනය ගරුක ප්‍රවේශයක් තුලින් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට හැකි වන බව ඔහු සඳහන් කළේය.

තවද සෑම කෙනෙකුම වගකීමෙන් කටයුතු කරන සමාජයක් තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මෙම ආර්ථික හා සමාජ මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට අපට මෙම ප්‍රවේශය වැදගත් බවද ඔහු පැවසීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ලබා ගත හැකි අධ්‍යාපනය හොඳින් ලබා ගෙන රටේ සංවර්ධනයට දායක වන ලෙස ඔහු තරුණ උපාධි අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය.

හිටපු දේශපාලඥයන්ගේ මගඩියක් හෙළිවෙයි.!

හිටපු දේශපාලඥයන්ගේ මගඩියක් හෙළිවෙයි.!

පසුගිය රජය සමයේ දේශපාලඥයින් සුදුසුකම් නොමැති පුද්ගලයින් ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සදහා යොමු කිරීමෙන් ගැටළු රැසක් මතුව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සදහන් කරයි.

සභාපති කෝශල වික්‍රමසිංහ සදහන් කළේ,

“දේශපාලඥයින් පොරොන්දු දීලා මුදල් අරගෙන අවුරුදු දෙකක් තිස්සේ 5000 ක විතර පිරිසක් බලා ඉන්නවා රට රස්සාවට යන්න. මීට පෙර නිසි නියාමනයකින් තොරව පුද්ගලයින් තැන් තැන්වලින් රැගෙන ඇවිත් පිටත් කරලා තියෙනවා.

කාර්යාංශයටත් බලපෑම් කරමින් දේශපාලකයින්ගේ හිතවතුන් වාහනවලින්, බස්වලින් රැගෙන ඇවිත් තමයි යොමුකරලා තියෙන්නේ. එහෙම වුනාම රටක් විදිහට රැකියා වෙළඳපොල අපි රැකගන්නේ කොහොමද, අපි ඒකට සුදුසු පියවර ගන්නවා. කවුරුහරි කියනවා නම් අපි අනවශ්‍ය දෙයක් කළේ කියලා එහෙම නෑ. 

පසුගිය කාලයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යවන්න 10,000 ක පමණ කෝටාවක් ලැබී තිබුණා. ඉන් 2000ක් පමණ ශ්‍රමිකයින් ඊශ්‍රායලයට යොමුකරලා තිබුණා. නමුත් නිසි නියාමනයකින් තොරව නුසුදුසු ශ්‍රමිකයින් ඊශ්‍රායලයට යැවීම හේතුවෙන් ඔවුන් සිය වෘත්තිය කරන්නේ නැතුව සේවා ස්ථානවලින් බැහැර වෙලා විවිධ ස්ථානවල සේවය කරන පසුබිමක් නිර්මාණය වෙලා.

ඒ හේතුවෙන් කෘෂි රැකියා කෝටාව නතර කරන්න ඊශ්‍රායල් රජය කටයුතු කරලා තිබුණා. අපි මේ රැකියා අවස්ථා යළි පණගන්වන්නේ කොහොමද කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී ඔවුන් කිව්වේ මේ රැකියාවලට සුදුසු, ඊට සරිලන ශාරීරික යෝග්‍යතාවයෙන් යුත් ශ්‍රමිකයින් එවනවා නම් යළි සලකා බලන්න පුළුවන් කියලා.

ඒ නිසා අපි ශ්‍රි ලංකා යුධ හමුදාව හා සෞඛ්‍ය අංශ සමග එකතු වෙලා සෞඛ්‍ය සම්බන්ධයෙන් තිබිය යුතු කාරණා නිසි නියාමනයකට යටත් කරලා වැඩපිළිවෙලක් හදලා පුද්ගලයින්ව අපි මාස එක හමාරක කාලයක් තිස්සේ දැනුවත් කලා. මේ රැකියා අවස්ථා අපිට නැතිවෙන්න යන්නේ, 5000ක විතර පිරිසක් පොරොන්දු වෙලා ඉන්නවා පහුගිය රජය යටතේ, වෛද්‍ය පරික්ෂණ වලට සල්ලි බැඳලා තියෙනවා, පුහුණු වෙලා තියෙනවා.

කණකර ආභරණ උගස් තියලා සල්ලි බැඳලා තියෙනවා. ඒකෙදි අපි තීරණය කලා මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් වශයෙන් කතා කරලා මේ රැකියා ලබාගන්න වැඩපිළිවෙලක් සකසන්න. ඒ අනුව කලින් සඳහන් කරපු නිර්ණායක අනුව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි මේ රැකියා අපේක්ෂිතයින් කැඳවලා දැනුවත් කරලා සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවා.

රැකියා අවස්ථා යළි ලබාගන්න නම් මේ වගේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. නැත්නම් මේක අහෝසි වෙලා යනවා, කෘෂි අංශයෙන් කිසිම ශ්‍රමිකයෙක් එවන්න එපා කියලා තියෙන්නේ කිව්වම ඔවුන් එකග වුණා අපි මේ පරීක්ෂණය කරන්න ලෑස්තියි. කොහොමහරි මේ රැකියා අපිට ලබාදෙන්න කියලා. 

ඒ අනුව ඔවුන්ගේ පුද්ගලික කැමැත්ත සහිතව තමයි මේ පරීක්ෂණය පැවැත්වුවේ.  අපි මේ පරීක්ෂණයට කලින් වෛද්‍ය වාර්තා අරන් එන්න කිව්වා. ඇතැම් අය ECG පරීක්ෂණ වාර්තා අරන් ඇවිත් තිබුණෙ නෑ. ඒ අවස්ථාවේ මම උපදෙස් දුන්නා ECG යන්ත්‍ර අරන් ඇවිත් පරීක්ෂණ කරන්න කියලා. 600 ක වගේ කණ්ඩායමකින් අපි 500 ක් වගේ තෝරන්න තිබුණා. 

එහිදි සිදුවුණ සුළු සිදුවීමක් නිසා ඇතැම් මාධ්‍ය වාර්තා කලා දරාගන්න බැරි පරීක්ෂණ පැවැත්වුණා. පීඩාවට ලක්කලා, හමුදාවට දෙන පරීක්ෂණයක් කලේ කියලා. සාමාන්‍ය ශරීර සෞඛ්‍යය යෝග්‍යතාව තියෙන පුද්ගලයෙකුට දුවන්න පුළුවන් වේගේ තමයි ගත්තේ. කිලෝමීටර් 2ක දුරක් විනාඩි 10/12 ක කාලයකින් දුවන්න තිබුණේ. මේ පරීක්ෂණය 80%ක විතර පිරිසක් සමත්වුණා. 

ඊට කලින් දින 3ක් නිදිවරපු තරුණයෙක් හා යම් අසනීප තත්ත්වයක් තිබෙන පුද්ගලයෙක් ක්ලාන්ත වුණා. නමුත් වෙනත් කිසිම තදබල අසනීප තත්ත්වයක් කිසිම පුද්ගලයෙකුට ඇතිවෙලා තිබුණේ නැ. අසනීප වෙලා රෝහලට ඇතුලත් කරපු තරුණයින් දෙදෙනාත් ඉතා ඉක්මණින් රෝහලින් පිටව ගියා.

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් තමයි අපි මේ පරීක්ෂණය පැවැත්වුවේ. අවශ්‍ය වුනොත් ගන්න ගිලන් රථයක් සූදානම් කලා. සෞඛ්‍ය අංශ, කාර්යාංශ නිළධාරීන් මේ පරීක්ෂණය අධීක්ෂණය කිරීමට යොදවනු ලැබුවා. 

අපි මේ නිසි ශාරීරික සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් පිටත්කර හැරීමත් සමග බලාපොරොත්තු වෙනවා මේ ශ්‍රමිකයින් හොඳින් වැඩකරගෙන ඉදියි කියලා. ඒ සමගම තවත් ශ්‍රමිකයින්ට ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි තරුණයින්ට කියන්නේ මේ ශාරීරික යෝග්‍යතා සඳහා සහභාගි වෙන්න, ඒ හරහා මේ රැකියා අවස්ථා යළි අපි ලබාදෙනවා.”

We are happy to invite you.