By unusuma.lk on
(LK time)රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
By unusuma.lk on
(LK time)රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
By unusuma.lk on
(LK time)කොල්ලුපිටිය මංසන්දියේදී රිය අනතුරක් සිදු කිරීමෙන් පසුව නීතිඥවරයකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරින ලද හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව ලබන මාර්තු මස (20) වැනිදා විභාගයට ගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ (09) නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලැබුවාය.
එම සිද්ධිය සම්බන්ධව අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10ක් ගෙවන බව කියමින් සමථයක් ඇති බවට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල පසුගිය නඩු වාරයේදී අධිකරණයට දැනුම් දුන්නද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම මත ඔවුන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වමින් මහෙස්ත්‍රාත්වරිය නඩුව කැඳවූ අවස්ථාවේදී නොතීසි නිකුත් කළාය.
By unusuma.lk on
(LK time)රුපියල් බිලියන 4,616ක වියදමක් සහිත ආණඩුවේ 2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්‍පත අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
2025 විසර්ජන පනත් කෙටුම්පත අනුව වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ අර්ථික සංවර්ධන අමාත්‍යංශයට වන අතර ඒ මුදල රුපියල් බිලියන 713කි.
දෙවැනියට වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට වන අතර එය රුපියල් බිලියන 507කි.
ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලින 442ක්, ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට බිලියන 473ක්, අධ්‍යාපන අමාත්‍යංශයට බිලියන 271ක් ලෙස අමාත්‍යංශ වල වියදම් ඇස්තමේන්තු කර ඇත.
එසේම ජනාධිපති හා ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් බිලියන 2.99ක්, අගමැති කාර්යාලයට රුපියල් බිලියන 1.17ක්, විපක්ෂ නායක කාර්යාලයට රුපියල් මිලියන 331ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට රුපියල් බිලියන 1.3ක්, මැතිවරණ කොමිෂන් සභාවට බිලියන 21.47ක් ඇස්තමේන්තු කර ඇත.
By unusuma.lk on
(LK time)ජාතික විගණන කාර්යාලය අනාවරණය කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140ක් අමාත්‍යාංශය සතුව නොපවතින බවයි.
අස්ථානගතව ඇති වාහන 141ක් පිළිබඳව තොරතුරු නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වීම නිසා මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී ඇත.
කෙසේ වෙතත් එම වාහන නිවැරදිව හඳුනාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කලයුතු බව විගණන කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබාදී ඇත.
පසුගිය 2023 වර්ෂය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ වත්කම් කළමනාකරණ විගණන නිරීක්ෂණ යටතේ මේ බව සදහන් කර ඇත.
By unusuma.lk on
(LK time)ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර ඇත.
ඒ සදහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුත්තකින් බාධා මතුව ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කරයි.
ඒ අනුව මෝසමක් මගින් ඒ සදහා කරුණු දැක්වීමට නියමිත බවත් අනතුරුව ඖෂධ මිල ගණන් අඩු කිරීම කඩිනමින් සිදු කිරීමට නියමිත බවද සදහන් කරයි.
By unusuma.lk on
(LK time)සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ වගකීම හිටපු අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න ස්වේච්ඡාවෙන්ම භාරගෙන ඇති බව වාර්තා වේ.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂ දෙක ඒකාබද්ධව තරග කළ යුතු බවට බොහෝ පාර්ශ්ව කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව රාජිත සේනාරත්න මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
කෙසේ වෙතත් පසුගිය මැතිවරණවලදී ප්‍රධාන දේශපාලන පක්ෂවල පසුබෑම හමුවේ එළැඹෙන මැතිවරණයේදී ‘අලියා’ ලකුණෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරගවැදිය යුතු බවට හිටපු මන්ත්‍රීවරුන් පවසා ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එකතු වුවද එහි නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බව හිටපු මන්ත්‍රීවරුන් රැසක් පවසා ඇති බවද වාර්තා වේ.
By unusuma.lk on
(LK time)බස් රථවල ගමන් ගන්නා මගින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.
ඒ අනුව බස් රථ සදහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේදී අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් මෙම මගී අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙල කිරීමට කටයුතු කරන බවද වාර්තා වේ.
මෙම කරුණු සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ සදහන් කරයි.
පෞද්ගලික බස් රථ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ රැකියා සුරක්ෂිත භාවය ඇති කිරීම සදහා අවශ්‍ය වන කටයුතු මේ වන විට සකස් කරමින් පවතින බවද සභාපති ආචාර්ය දිලීප විතාරණ සදහන් කරයි.
By unusuma.lk on
(LK time)කතරගම මැණික් ගඟ රක්ෂිතයේ පිහිටි ඉඩමක ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ ඔහුගේ ආරක්ෂාවට අනුයුක්ත කර තිබූ නාවික හමුදා නිලධාරියකු එම නිවසේ සේවයට යොදවා තිබූ නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වාර්තා කරයි.
මැණික් ගඟ රක්ෂිතයේ වනාන්තර කොටසක් කපා ඉදිකළ නිවසට ජල සැපයුමද ලබාගෙන තිබිණු අතර කාමර 12ක් සහිත නිවසේ ලිපිනය වන්නේ, වනරාජ පෙදෙස, ඩිපෝ පාර, කතරගම වේ.
එම ලිපිනය සහිත නිවසට ජලය ලබාදීමේ ගිණුම් අංකය වන්නේ 32/07/012/035/17 වන අතර, ඉන්වොයිස් අංක 201508 යටත්තේ මේ නිවසට ලැබී තිබූ ජල බිල්පතක බිල්පත් හිමියා ලෙස සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ යනුවෙන්ය.
මැණික් ගඟ දෙසට මෙම නිවසේ සිට මාර්ගයක් ඉදිකර ඇති බවත් යෝෂිත රාජපක්ෂගෙන් මේ පිළිබඳ විමසීමේදී කිසිවක් පවසා නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානී විශ්‍රාමික මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් මේ පිළිබඳ එම දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති අතර ඊට හේතු වී තිබුණේ, ඔහු යටතේ සේවයට යොදවා තිබූ හමුදා සාමාජිකයන් එම නිවසේ කටයුතු වලට යොදාගෙන තිබීමයි.
By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තුවේ රූමත් සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින් කමිටුවක් පත් කර ඇත.
පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු බාර අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මෙම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරයි.
තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ගෙන් ඊයේ (08) දින ප්‍රශ්න කර කට උත්තර සටහන් කරගෙන ඇති අතර සේවිකාවක් තමාට ලිංගික වශයෙන් අඩන්තේට්ටම් සිදුවූ බවට පැහැදිලිවම කරුණු අනාවරණය කර ඇති බව වාර්තා වේ.
මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට සිදුවී ඇතැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධව හිටපු විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු විමර්ශනයද අවසන් කර එහි වාර්තාව බාරදී ඇති බව වාර්තා වේ.
ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් එම සිද්ධියට චෝදනා ලැබූ ප්‍රධානියා ඇතුළු තිදෙනා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
By unusuma.lk on
(LK time)ලෝකයේ අවධානය යොමුව ඇති චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (09) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවත් එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි.
මේ අතර ශ්වසන රෝගයක් වන මෙම රෝගය වැලඳුණු රෝගීන් 2023 වසරේදී ශ්‍රී ලංකාවෙන් හමු වී තිබෙන බවත් 2024 වසරේදී එම රෝගය වැලඳුණු අය මහනුවර මහ රෝහලෙන් හමු වූ බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ සදහන් කළාය.
ශීත කාලයේ මෙම වෛරසය ලොව පුරා පැතිර යන අතර 2023 දෙසැම්බරයේදී, 2024 වසරේ ජනවාරියේදී ශ්‍රී ලංකාවෙන් රෝගීන් හමුවී තිබෙන බවත් මෙම රෝගය පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ සදහන් කළාය.
මෙම රෝගය ලෝකයට හෝ ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බවත් බොරු ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ සදහන් කළාය.
මෙම රෝගය වෙනුවෙන් එන්නත් හැදීමට හෝ වෙනත් ඖෂධ සොයා ගැනීමට ලොව කිසිදු රටක් උනන්දු නොවන්නේ මෙය ලොව පුරා ඇති සාමාන්‍ය රෝගයක් බැවින් බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ සදහන් කළාය.