Unusuma Writer

1574 Posts
2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.!

2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.!

අද (09) දින 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස (17) වනදා දින සිදුකිරීමට නියමිතය.

තවද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

ඥානසාර හිමිට අධිකරණයෙන් දුන් නියෝගය.!

ඥානසාර හිමිට අධිකරණයෙන් දුන් නියෝගය.!

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.

මීට අමතරව රුපියල් 1,500ක දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

පසුගිය 2016 වසරේ ජූලි මස (16) වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ඥානසාර හිමි පැවසුවේය.

එම ප්‍රකාශය තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමිට මෙම නඩුව ගොනුකර ඇත.

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

2025 අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අද (09) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කිසිදු විරෝධයක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සදහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සදහන් කළේ,

“රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා.. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා.. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් (04) තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයින් මුලා කරන්න ඉදිරිපත් කරපු දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි.” 

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

ගුවන් යානය තුළ නරක් වු මළ සිරුරු.!

ගුවන් යානය තුළ නරක් වු මළ සිරුරු.!

නිව්යෝර්ක් නගරයේ සිට ෆෝට් ලෝඩර්ඩේල් – හොලිවුඩ් ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ගොඩ බෑ ජෙබ්ලූ ගුවන් යානයක් තුළ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන ඇත.

ගුවන් යානයේ නඩත්තු පරීක්ෂාවකදී මෙම මළ සිරුරු සොයාගෙන ඇති අතර මියගිය දෙදෙනාම පිරිමි පුද්ගලයින් බවත් මළ සිරුරු සොයා ගන්නා විට ඒවා අධික ලෙස නරක් වී තිබුණු බවද බලධාරීහු සදහන් කරයි.

එම මියගිය දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති අතර ඔවුන් ගුවන් යානයට ප්‍රවේශ වූ ආකාරය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ගුවන් සමාගම සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට ගුවන් කාර්ය මණ්ඩලයේ හෝ ගුවන් යානයේ ක්‍රියාකාරීත්වයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙනෙන නිසා එය විමර්ශනය නොකරන බව ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය සදහන් කරයි.

රටම කැළඹු විභාගයේ ප්‍රතිඵල දවස් 40න්.!

රටම කැළඹු විභාගයේ ප්‍රතිඵල දවස් 40න්.!

මෙරට ආන්දෝලනයට තුඩුදුන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ඊයේ (08) දින සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඇගයීම් කටයුතු එළඹෙන (12) වැනිදා දක්වා පැවැත්වෙන බවත් විභාග ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.

2024 සැප්තැම්බර් (15) වැනිදා පැවැති පහේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් රට තුළ ආන්දෝලනයක් ඇති විය.

කෙසේ වෙතත් එම සිදුවීම සම්බන්ධයෙන් මවුපියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ අතර ඒ නඩුවල තීන්දු පසුගිය (31) වැනිදා ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලුම අපේක්ෂකයන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය (01) වැනිදා තීරණය කළේය.

රජය ලබාදුන් අවසරය හෙටින් අවසන්.!

රජය ලබාදුන් අවසරය හෙටින් අවසන්.!

රජය විසින් මෙරටට සහල් ආනයනය කිරීම සදහා ලබාදී ඇති කාලය හෙට (10) දිනයෙන් අවසන් වේ.

වෙළෙඳපොළේ පැවති සහල් හිඟය සැලකිල්ලට ගෙන රජය විසින් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සදහා අවසර ලබා දුන්නේය.

රජය විසින් ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115000ක් මේ වනවිට වෙළෙඳපොළට මුදා හැර ඇති අතර කැකැළු සහල් මෙට්‍රික්ටොන් 45,000ක් සහ තැම්බු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ඒ අතරට ඇතුළත්ය.

අමෙරිකාවේ හදිසි තත්ත්වයක්.. ජනතාවට රතු නිවේදන.!

අමෙරිකාවේ හදිසි තත්ත්වයක්.. ජනතාවට රතු නිවේදන.!

අමෙරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බටහිර අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ආසන්නයේ පැතිර යන ලැව් ගින්නෙන් පැය කිහිපයකින් අක්කර 10 සිට අක්කර 2,900කට වැඩි ප්‍රදේශයක් විනාශ වී ඇති බවත් නිවාස සහ ගොඩනැගිලි 13,000ක වෙසෙන පුද්ගලයින් 30,000කට වැඩි පිරිසක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවද සදහන් කරයි.

පලාගිය ඇතැම් පුද්ගලයින් සිය රථවාහන පවා අත්හැර දමාගිය ගොස් ඇති බවත් එලෙස අත්හැර ගිය රථවාහන හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතා ඉවත්කිරීමට බැකෝ යන්ත්‍ර පවා යොදා ගැනීමට සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි සුඛෝපභෝගී කලාපයක් වන පැසිෆික් පැලිසේඩ් හි ඇති වූ මෙම ලැව් ගින්න සැන්ටා මොනිකා සිට මාලිබූ කලාපය දක්වා ව්‍යාප්ත වී ඇති අතර ශීත සමය වුවද කැලිෆෝනියා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සදහන් කරයි.

මිලියනයකට වැඩි පිරිසකට ලැව් ගිනි අවදානම් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර ඇති අතර ලොස් ඇන්ජලීස් නුවර ආශ්‍රිත පුද්ගලයින් 30,000කට පමණ වහාම සිය නිවෙස් වලින් ඉවත්වන්නැයි දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද ලොස් ඇන්ජලිස් ප්‍රාන්තයේ පාරිභෝගිකයින් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට විදුලිය සැපයුම බිඳ වැටී ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ භාණ්ඩ අතුරුදන්.!

ජනාධිපති මාධ්‍ය ඒකකයේ භාණ්ඩ අතුරුදන්.!

පසුගිය කාලයේදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවත් අස්ථානගත වූ භාණ්ඩ මොනවාදැයි සොයා බලා ඒ පිළිබඳව ලැයිස්තුවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. 

එම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම භාණ්ඩ භාරගත් අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. 

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලපුළි ලංකාතිලක එම විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළාය.

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.!

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.!

ශ්‍රී ලංකාවේ උද්ධමනය 2025 වසරේ මැද භාගය වනවිට ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ,

“2025 මැද භාගව වනවිට උද්ධමනය නැවතත් ධානාත්මක කලාපයකට පැමිණෙයි. මුදල් අමාත්‍යංශය සමග එකඟ වූ ආකාරයට 5%ක ප්‍රතිශතයක ස්ථාවර වේවි. 2025 වසර මුල භාගයේදී නිවැරිදි කිරීමක් ලෙස අවධමනයක් ද වාර්තා වියහැකියි.

පුද්ගලික අංශයේ ණය ප්‍රකෘතිමත් වීම තවදුරටත් අඛණ්ඩව සිදුවේවි. රජයේ වාර්තාමය ප්‍රතිපත්ති ඊට සහායක් වේවි. ව්‍යාපාරික හිතවාදී වාතාවරණය ඊට බලපාන සාධකයක් දේශීය මිල ගණන්වලට බලපාන බාහිරි අවදානම් අවමවීමක් බලාපොරොත්තු විය හැකියි.” 

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සදහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කරයි.

මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු හමුවෙයි.!

මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු හමුවෙයි.!

විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු ගොඩගසා ඇති බවට මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එහි මියගිය ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු සිට ඇති අතර අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ සහ ඩබ්. එල්. යූ. මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් මසුන්ගේ මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර සිරුරු පරික්ෂා කිරීමෙන් පසු වෛද්‍යවරු අනුමාන කර ඇත්තේ මෙම සතුන් දැලක පැටලී මියගොස් වෙරළට ගොඩගසා ඇති බවයි.

එය වැඩිදුරටත් සනාථ කරගැනීම සදහා වාර්තාවක් ලබාගැනීමට සතුන්ගෙන් ලබාගත් සිරුරු කොටස් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමුකර ඇති අතර අදාළ තොරතුරු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

We are happy to invite you.