Unusuma Writer

1578 Posts
ජනවාරි 20න් පසු දැඩි නීතිමය ක්‍රියාමාර්ග.!

ජනවාරි 20න් පසු දැඩි නීතිමය ක්‍රියාමාර්ග.!

වගාවන් ආරක්ෂා කර ගැනීමේ කටයුතු වෙනුවෙන් පමණක් ගිනි අවි සදහා අවසර දෙන බවත් සෙසු අවශ්‍යතා සදහා දැනට ගිනි අවි නිකුත් කිරීම සීමා කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සදහන් කරයි.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් පෞද්ගලික ආරක්ෂාව සදහා සිවිල් පුද්ගලයන්ට නිකුත් කර ඇති ගිනි අවි යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදීමට ලබන (20) වැනිදා දක්වා අවස්ථාව පවතින බවද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් එම ගිනි අවි භාර නොදෙන සියලු පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.

ඉන්දීය අගමැති මෝදි ලංකාවට.!

ඉන්දීය අගමැති මෝදි ලංකාවට.!

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙනු ඇති බව ලංකාවේ ඉන්දීය තානාපති සන්තෝෂ් ජා සදහන් කරයි.

ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය නිල වශයෙන් මේ බව නිවේදනය කළ අතර රාජ්‍ය නායකයන්ගේ පහසුව අනුව කඩිනමින් මේ සංචාරයට දින යොදාගනු ඇති බවද තානාපති කාර්යාලය අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දින දෙකක ඉන්දීය නිල සංචාරයේදී එරට අගමැතිවරයාට නිල ආරාධනයක් කර තිබිණ අතර එහෙත් ඊට මෙතෙක් ඉන්දීය රජය කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස මුලින්ම නිල සංචාරයක් සඳහා තෝරාගෙන තිබුණේ ඉන්දියාව වන අතර පසුගිය 2015 වසරේදී සහ 2017 වසරේදී ඉන්දීය අගමැති මෝදි ලංකාවේ සංචාර දෙකකට සහභාගි විය.

Clean Sri Lanka සක්‍රීය දායකත්වයට ආරක්ෂක අමාත්‍යාංශය සූදානම්.!

Clean Sri Lanka සක්‍රීය දායකත්වයට ආරක්ෂක අමාත්‍යාංශය සූදානම්.!

රජය විසින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන ප්‍රධානීන් සමඟ (07) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මින් පෙර පවත්වන ලද හඳුන්වාදීමේ සාකච්ඡාවකින් පසු පවත්වන ලද මෙම සාකච්ඡාවේදී ආයතන ප්‍රධානීන් තවදුරටත් දැනුවත් කිරීම සහ මෙම වැඩසටහන සමාජයට ඵලදායි ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ ක්‍රියාමාර්ග හා ක්‍රමෝපායන් සබැඳිව අවධානය යොමු කරන ලදී.

සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුර්නර්ජීවනය තුළින් සමාජය උසස් තලයකට ගෙන ඒම අරමුණු කරගත් මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර අගනා දායකත්වයක් ලබා දුන්නේය.

සමෘද්ධිමත් ජාතියක් නිර්මාණය කිරීම සහ සෑම පුද්ගලයෙකුටම ලස්සන ජිවිතයක් සහතික කිරීම සඳහා ක්‍රියා කරන අතරම සියලු අංශ අතර, වගකීම සහ වගවීම මෙම වැඩසටහන ඔස්සේ අවධාරණය කරයි.

මෙහිදී සමාජීය වශයෙන් මෙම සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය භාරය ඉටු කරන්නේ කෙසේද යන්න මෙන්ම, මෙම වැඩසටහනෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීම සහ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බැවින් අපේක්‍ෂිත ප්‍රතිඵල වඩාත් හොඳින් ලබාගත හැකි ආකාරය පිළිබඳව ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.

මින් ඉදිරියට පරණ සෙල්ලම් බෑ.. බස් කොන්දොස්තරට තහනමක් පනවයි.!

මින් ඉදිරියට පරණ සෙල්ලම් බෑ.. බස් කොන්දොස්තරට තහනමක් පනවයි.!

මින් ඉදිරියට බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සදහන් කරයි.

මේ වනවිට බස් රථ ධාවනයේදී පවතින තරගකාරීත්වය හේතුවෙන් කොන්දොස්තරවරුන් පවතින අවදානම නොසලකා පාපුවරුවේ ගමන් කරමින් මාර්ගයේ සිටින මගීන් එක්රැස් කර ගැනීම කරන බවත් එනිසා එහි පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එලෙස ගමන් ගන්නා කොන්දොස්තරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සදහන් කරයි.

ඇතැම් දුර ගමන් බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් දෙදෙනකු ගමන් කරන බවත් පාපුවරුව ඇත්තේ බස් රථයට ඇතුළුවීමට සහ පිටවීමට බැවින් ධාවනය වෙමින් පවතින අවස්ථා වලදී අනාරක්ෂිත ලෙස පාපුවරුවේ ගමන් කිරීමට කිසිවකුටත් අවස්ථාව නොමැති බවත් රියැදුරු බලපත්‍රය හා රිය සහායකවරයාට ලබාදෙනු ලබන කොන්දොස්තර බලපත්‍රය මින් ඉදිරියට තිබීම අනිවාර්ය බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සදහන් කරයි.

ජනපති අනුර පින් පඩි සේවයට තිත තියයි.!

ජනපති අනුර පින් පඩි සේවයට තිත තියයි.!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීමට සෘජු විදේශ ආයෝජන කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකිමින් බවත් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සපයනු ලබන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් එම රටවල සිටින සියළු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සදහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන්නේය.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සදහා තිබෙන අවස්ථා ප්‍රමාණය වැඩි කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ආයෝජකයන්ට නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම රාජතාන්ත්‍රික සේවාව හරහා සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

විදෙස් තානාපති සේවයට නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

පළමු වතාවට නිදහසේ ප්‍රදර්ශනය අවසන්.!

පළමු වතාවට නිදහසේ ප්‍රදර්ශනය අවසන්.!

පැවැත්වීමට නියමිත “77” වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.

මෙවර නිදහස් සමරු උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන මස (04) වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සදහන් කරයි.

ඒ අනුව උළෙලට සහභාගිවන ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 3000 සිට 1600 දක්වා අඩු කරන බවත් උළෙලේදී ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම ද අවලංගු කර ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සදහන් කරයි.

ත්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර පෙළපාලියට සහභාගි වන භට සංඛ්‍යාව ද අඩු කර ඇති බවත් හමුදා පෙළපාලියේදී සන්නද්ධ රථ ප්‍රදර්ශනය කිරීම මෙවර නිදහස් සමරු උළෙලේදී සිදු කෙරෙන්නේ නැති බවත් ගුවන් සංදර්ශන සීමා කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ගැන තීරණයක්.!

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ගැන තීරණයක්.!

මෙරට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ සදහා මේ වනවිටත් මූලික අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවත් වෘත්තීය සමිති ඉල්ලීම්, ඇතැම් රජයන් විසින් ගත් විවිධ තීරණ හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ එක් එක් ශ්‍රේණි අතර දැඩි වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සදහන් කරයි.

ඇතැම් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් 1992 වසරේ සිට හටගෙන ඇති බවත් මෙවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින්ට අසාධරණයක් නොවන පරිදි වැටුප් විශමතා ඉවත් කිරීම දැඩි සංකීර්ණ තත්වයක් බවද අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සදහන් කරයි.

පොලිස්පති දැඩි තීරණයක් ගනී.. ලොක්කන් 11කට මාරු.!

පොලිස්පති දැඩි තීරණයක් ගනී.. ලොක්කන් 11කට මාරු.!

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සදහා ස්ථාන මාරු කිරීම් ලබාදී ඇත.

පහත සදහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.

සජබය බේරාගන්න අලුත් බලවේගයක්.. තිස්ස ටිකක් හෙළි කරයි.!

සජබය බේරාගන්න අලුත් බලවේගයක්.. තිස්ස ටිකක් හෙළි කරයි.!

සමගි ජන බලවේගයට පැමිණ සිටින සමහරු අවස්ථාවාදීන් බවත් කාලෙකට සැරයක් එන බොරුකාරයන් බවත් එම අවස්ථාවාදීන්ගෙන් පක්ෂය බේරාගත යුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු නොවී මේ අයුරින් ඉදිරියට ගියොත් ඉදිරියේදී ජාතික ජන බලවේගය නොව අපේම කණ්ඩායම් අපට අභියෝගයක් වෙන බවද සංවිධායක තිස්ස අත්තනායක සදහන් කරයි.

සංවිධායක තිස්ස අත්තනායක සදහන් කළේ,

“තව දවස් කිහිපයකින් අලුත් අවුරුද්ද එනවා. අපේ අපේක්ෂාව ජනතාවට කරදර නැති වසරක් වෙන එක. අපි ප්‍රාර්ථනා කරනවා ජනතාවට සුබවාදී වසරක් වේවා කියලා. මේ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව මොන විදිහට උත්තර හොයනවද කියලා තේරෙන්නේ නෑ. හාල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණඩවල හිඟයක් තියෙනවා.

ආණ්ඩුවට කියනවා අසීමිත ජනවරම පාවිච්චි කරලා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වන්න උත්සාහ කරනවා. ආණ්ඩුව පත් කරන්න මැදිහත් වුණු අයගේ ප්‍රතිචාර දැන් අපිට පේනවා. සමහර මැති ඇමැතිවරු මාධ්‍ය මගහරිනවා. අපි ඉතිහාසයට බැනලා වැඩක් නෑ. ජනාධිපතිවරයාගේ චීන සංචාරයක් පිළිබඳ කතා වෙනවා.

ගෑස් සිලින්ඩරය හා දුරකථනය අතර විරසකභාවය නිසයි ජාතික ජන බලවේගය දින්නේ. මෙරට පළවෙනි වතාවට වාමාංශික හා දක්ෂිණාංශික කියලා දෙකක් ආවා. දක්ෂිණාංශික කණ්ඩායම් බෙදීම නිසා වාමාංශික අයට වාසිය ගියා, සිලින්ඩරය නිසා දුරකථනයට වුණු බලපෑම තේරුම්ගෙන දෙක එකට කරලා ව්‍යාපාරයක් හැදුවේ නැත්නම් ගැටලුවක් තියෙනවා.

මේ දෙක අතර එකතු වී අලුත් බලවේගයක් නිර්මාණය කළ යුතුයි. අකැමැති අය පසෙකින් තබා කැමැති අය එකතුවිය යුතුයි. සමගිය හා එක්සත් ජාතික පක්ෂය වෙන පාරවල්වල ගියොත් ඊළඟ මැතිවරණ වල ජයග්‍රහණය ලබා ගැනීම අතිශය අසීරුයි. එහෙම නොවුණොත් තුන්වෙනි පාර්ශ්වයකට බලය යනවා.”

කෝටි 5,000ක වැට් බදු නොගෙවු ආනයනකරුවන්.!

කෝටි 5,000ක වැට් බදු නොගෙවු ආනයනකරුවන්.!

පිරිපහදු පොල් තෙල් ආනයනකරුවන් රුපියල් කෝටි 5,000ක වැට් බදු ගෙවා නැතැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික සිල්වා චෝදනා කරයි.

මෙම එක් ආනයනකරුවකු පසුගිය රජය සමයේ සීනි ආනයනය කරන ලද කන්ටේනරයක සඟවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා ඇති බවත් ආන්දෝලනාත්මක සීනි බදු වංචාවට පවා මොහු සම්බන්ධ බවද ඔහු සදහන් කරයි.

මෙම පිරිපහසු නොකළ හා පිරිපහදු කළ පොල් තෙල් ආනයන කරුවන් අතර තිදෙනෙකු සිටින බවත් විවිධ නම් වලින් පවත්වා ගෙන යන ආයතන 6ක් ඔවුන් සතු බවත් පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝ මිලියන 39,000ක් රටට ගෙනැවිත් ඇති බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් ආනයනකරුවන්ට ලබාදී ඇති බදු සහන හේතුවෙන් පිරිසිදු දේශීය පොල් තෙල් කම්හල් 98%ක් පමණ දැනට වැසී ගොස් කර්මාන්තයේ යෙදී සිටි ලක්ෂ 4ක් පාරට වැටී ඇතැයිද ඔහු තවදුරටත් සදහන් කරයි.

We are happy to invite you.