Unusuma Writer

1578 Posts
කොට්ටහච්චිගේ ප්‍රේමය ගැන ලාල් කියයි.!

කොට්ටහච්චිගේ ප්‍රේමය ගැන ලාල් කියයි.!

කොට්ටහච්චිගේ ප්‍රේමය රජයේ දේපළ සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බවත් ප්‍රේම කරන අය ප්‍රේම කිරීම ගැටලුවක් නම් ඒ අය ඒවා බලාගනීවී බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සදහන් කරයි.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සදහන් කළේ,

“මම නම් කියන්නේ ප්‍රේම කරන අය ප්‍රේම කර ගත්තා වේ. ඒ අය කරගන්න ඒවට ඒ අය වග කියා ගනියි. සමාජ මාධ්‍යයට හෝ අනෙකුත් මාධ්‍යයට මොනවටද කාගෙවත් පෙම්කතා. වැඩක් නැනේ. මගේ දුව කැනඩාවේ විශ්ව විද්‍යාලෙක ඉගෙන ගන්නවා කියලා නිල මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යවල ඇති තරම් කීවා.

එහෙම කියනකොට මායි දුවයි ගෙදර එක පුටුවේ ඉඳගෙන ඒවා අහගෙන ඉන්නවා. ඉතින් මම ඒ දවස්වල මාධ්‍යයට කිව්වේ මම නොදන්නා මගේ දුවෙක් කැනඩාවේ ඉන්නවද දන්නෑ.. ඒක පොඩ්ඩක් හොයලා බලන්න ඕනෑ කියලයි. සමාජ මාධ්‍ය ඇතුළු සමහර නිල මාධ්‍ය වගකීමෙන් වැඩ කරන්නේ නෑ. වගකීමෙන් වැඩ කරන අයටත් මේවා ප්‍රශ්න.

මාධ්‍යයට වැඩක් නෑනේ කෙනෙක් නාන්නේ කොහොමද.? කන්නේ කොහොමද.? ප්‍රේම සම්බන්ධතා පවත්වන්නේ කොහොමද කියලා. ඒ ඒ කොල්ලෝ ඒවා බලාගනිව්. පෞද්ගලික දේවලුයි පොදු දේවලුයි මේ ඔක්කොම පටලවා ගෙන තියෙන්නේ. සමාජ මාධ්‍යත් එහෙමයි. සමහර නිල මාධ්‍යත් එහෙමයි. මිනිස්සුත් එහෙමයි.

මිනිස්සුන්ටත් වැඩක් නෑනේ කොට්ටහච්චි ඉන්නේ කාත් එක්කද.? යන්නේ කාත් එක්කද කියලා. ඒක කොට්ට හච්චියි ඒ පවුල්වල අයයි බලාගනියි. වෙන එවුන්ට තියෙන රුදාව මොකක්ද? රටක් හරි මගට ගන්න නීතිත් අවශ්‍යයි. ඒක මාධ්‍යවේදීන්ටත් අවශ්‍යයි. මටත් අවශ්‍යයි. කාටත් අවශ්‍යයි. සමහර නිල මාධ්‍ය නිසා මේ රටේ ජනතාව අනන්තවත් පීඩාවට පත් වෙනවා.”

පේරාදෙණිය ගන්නෝරුව පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මේ බව සදහන් කරයි.

ජනපති අරමුදලෙන් සල්ලි ගත්ත අයට වැඩ වරදී.!

ජනපති අරමුදලෙන් සල්ලි ගත්ත අයට වැඩ වරදී.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධව විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක හමුවේ වාර්තාවක් ගොනු කරමින් හෙළි කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය මහෙස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය විමර්ශන වලට සහාය සදහා අවශ්‍ය වුවහොත් නියෝග අයැදින ලෙසත් දැන්වූවාය.

මෝටර් රථ ආනයනය ගැන විශේෂ සාකච්ජාවක්.!

මෝටර් රථ ආනයනය ගැන විශේෂ සාකච්ජාවක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (07) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි.

වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබාදීමට පහසු ක්‍රියාවලියක් සැකසීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සදහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලින් ඩිජිටල් කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව කරුණු පෙන්වා දුන් ජනාධිපතිවරයා බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ ජනාධිපතිවරයා රට යථා තත්ත්වයට පත් වෙමින් ස්ථාවරත්වය කරා ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින බව සඳහන් කළ අතර වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාව වෙත ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අවධාරණය කළේය.

ගෞරවනීය අසිපත හිමිකර ගත් තෙන්නකෝන්ට සුබ පැතුම්.!

ගෞරවනීය අසිපත හිමිකර ගත් තෙන්නකෝන්ට සුබ පැතුම්.!

පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ 122 වන මධ්‍ය නිලධාරී පාඨමාලාවේ සහ 30 වන කෙටි සේවා නිලධාරී පාඨමාලාවේ විසිරයාමේ හා අධිකාරියට පත් කිරීමේ පෙළපාලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මධ්‍ය නිලධාරී විමුක්ති තෙන්නකෝන් එම පාඨමාලාවේ දක්ෂතම නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමිකර ගැනීම වෙනුවෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සමග පැමිණි මධ්‍ය නිලධාරී තෙන්නකෝන් ආරක්ෂක ලේකම්වරයා විසින් අද (07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි ආරක්ෂක අමාත්‍යාංශයේ දී උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

මෙම හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මෙම නිලධාරියාගේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ප්‍රශංසා කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාර්ථක වෘත්තීය ජීවිතයක් සදහා ද සුභ පැතුම් පළ කළේය.

තව දින කිහිපයයි.. ජනපති දෙවැනි ගමනට සූදානම්.!

තව දින කිහිපයයි.. ජනපති දෙවැනි ගමනට සූදානම්.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන නිල සංචාරය එළඹෙන (14) වනදා සිට (17) වනදා දක්වා සිදු කිරීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

මෙම චීන සංචාරය සදහා අමාත්‍ය බිමල් රත්නායක සහ අමාත්‍ය විජිත හේරත් එක්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අද (07) දින කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සදහන් කරයි.

රෝගීන්ට ලබාදෙන වන්දි මුදල මෙන්න.!

රෝගීන්ට ලබාදෙන වන්දි මුදල මෙන්න.!

අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

අදාළ සිදුවීම හේතුවෙන් බලපෑමට ලක්වී ඇති රෝගීන් 17 දෙනෙකුට පහත සදහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව රෝගීන් 12 දෙනෙකු සදහා රුපියල් 1,000,000/- බැගින් වන්දි ගෙවීම.

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 750,000/- බැගින් වන්දි ගෙවීම.

එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/-ක වන්දියක් ගෙවීම.

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/- බැගින් වන්දි ගෙවීම.

සොයුරාගේ මිලියන ගණන් මුදල් වංචාවට මනූෂත් ගෑවෙයි.!

සොයුරාගේ මිලියන ගණන් මුදල් වංචාවට මනූෂත් ගෑවෙයි.!

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සොහොයුරා රට රැකියා සිහින පෙන්වා තරුණයන්ගෙන් මුදල් එකතු කර ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගාල්ල දිස්ත්‍රික් මධ්‍යස්ථානය සදහා ලබාගෙන තිබූ ගොඩනැඟිල්ලේම කාර්යාලයක් පවත්වා ගෙන යමින් බව හෙළි වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් කුලියට ගෙන ඇති මෙම ගොඩනැඟිල්ලේ පහළ මහලේ අමාත්‍යවරයාට කාර්යාලයක් සදහා ඉඩ වෙන් කරන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව එම මහලේ ඉඩ වෙන්කර කාර්යාලය පවා සකස් කරදී ඇත්තේ කාර්යංශයේ වියදමින් බවත් මේ වනවිට හෙළිවී ඇත.

එම කාර්යාලය භාවිතා කරමින් විදේශ රැකියා සදහා තරුණයන්ගෙන් මුදල් එකතු කර ඇති අතර මුදල් ලබාදුන් බොහෝ දෙනෙක් එම මුදල් ලබාදී ඇත්තේ ද කාර්යංශයේ කොටසක් සේ හැඟුණු නිසා බව ඔවුන් ලබාදුන් ප්‍රකාශ වලින් හෙළි වී ඇති බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කරයි.

රුමේනියා, කැනඩා, පින්ලන්ත, කොරියා වැනි රටවල රැකියා සදහා යවන බවට පොරොන්දු දී රුපියල් මිලියන ගණන් මෙම ස්ථානයේදී ලබාගෙන ඇති බවත් හිටපු අමාත්‍ය මනුෂගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ හා සම්බන්ධව ලැබුණු පැමිණිලි රාශියක් හේතුවෙන් බවද ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තුව ඇතුළේ ලොකු කුකුලන්.!

පාර්ලිමේන්තුව ඇතුළේ ලොකු කුකුලන්.!

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (07) දින පාර්ලිමේන්තුවේදී සදහන් කළේ, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවයි.

මන්ත්‍රී මුජිබර් රහුමාන් සදහන් කළේ,

“මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවිකාවන්ට වෙන ලිංගික හිරිහැර පිළිබඳව පසුගිය සති කිහිපයේ ජන මාධ්‍ය වල පළ වුණා. මම හිතනවා මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරිය යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර අය වැඩ තහනම් කරලා තියෙනවා. සමහර අය විශ්‍රාම ගන්වලා තියෙනවා.

ඒ වගේම ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාන්තාවන්ට නිතර නිතර විවිධ හිරිහැර කරන්න එතන ඉන්න බලධාරීන් කටයුතු කරනවා කියන පැමිණිල්ල වාර්තා ‌වෙලා තියෙනවා.

මම හිතන්නේ මේ පිළිබඳව පැමිණිලි රාශියක් ලැබිලා තියෙනවා. මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. වහාම මේ ගැන ක්‍රියාමාර්ග ගන්න. පාර්ලිමේන්තුවේ කාට හරි ලිංගික අතවර අඩන්තේට්ටම් සිද්ධ වෙනවා නම් අපිටත් ඒක බලපානවා.”

උපකුලපති අතුරුදන්.. කරුණා CIDයට ගෙන්වයි.!

උපකුලපති අතුරුදන්.. කරුණා CIDයට ගෙන්වයි.!

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන්වීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බවත් අවස්ථා 02 කදී හිටපු ඇමැතිවරයා මේ සදහා දෙපාර්තමේන්තුවට ගෙන්වා ඇති බවද වාර්තා වේ.

2006 දෙසැම්බර් (15) වැනිදා කොළඹ – 07, විද්‍යා මන්දිරයේ පිහිටි සම්මන්ත්‍රණයකින් පසු අධි ආරක්ෂිත කලාපයක් තුළදී ඔහු අතුරුදන් වී ඇති අතර දිගින් – දිගටම රවීන්ද්‍රනාත්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුට කොළඹ සිට සිය රාජකාරි කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.

රවීන්ද්‍රනාත් අතුරුදන්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව එම සිදුවීමට තමිල් මක්කලෙයි විඩුතල් පුල්ලිගල් කණ්ඩායමේ සම්බන්ධයක් ඇති බව තහවුරු වී තිබිණි.

2008 වසරේදී එය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කොට නැඟෙනහිර පළාත් සභා මැතිවරණයට මුල් වරට ඉදිරිපත් වු අතර රවීන්ද්‍රනාත්ගේ රියැදුරාට මේ කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් නිතර දුරකථන ඇමතුම් පැමිණ ඇති බවත් ඔහු එම කණ්ඩායම සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අනාවරණය කරගෙන තිබිණි.

කෙසේ වෙතත් එම පරීක්ෂණ අතරමග නතර වී ඇති අතර වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විමර්ශන අංශ වලට උපදෙස් ලබාදුන් ලැයිස්තුවේ සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ගේ අතුරුදන් වීම ද ඇත.

මීට කලින් නොකරපු දෙයක් අලුත් ආණ්ඩුව කරයි.!

මීට කලින් නොකරපු දෙයක් අලුත් ආණ්ඩුව කරයි.!

පසුගිය වසරවල සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන්ට වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (07) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

තවද එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,

“නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධ භාවයට පත් වුණා. ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කරලා ඒ කමිටු වාර්තාව ලැබුණා. 

ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළා එකක් ඒ ආබාධිත තත්ත්වයට පත්වෙන ලද රෝගීන් 17 දෙනෙකුට රජය මගින් වන්දි මුදල් ලබාදෙන්න. මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ. ඒ නිසා අපි දැන් වන්දි ක්‍රමයක් සකස් කරමින් තියෙනවා.

ඒ විතරක් නෙමෙයි මේ ඖෂධය ගෙන්වීමට මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ නිසා මේ ගැන එකින් එකට විමර්ශනය කරගෙන යනවා. මීට අදාළ සියලු අයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා අදාළ ආයතන වෙතට අපි යොමු කරනවා.”

We are happy to invite you.