Unusuma Writer

1579 Posts
කෝටි 280ක් විනාශ කළ ගුවන් යානා තුන.!

කෝටි 280ක් විනාශ කළ ගුවන් යානා තුන.!

රුපියල් කෝටි 280ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා 03ක් සදහා බදු කුලී වශයෙන් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.

ගුවන් යානා තුනක් 2013 වර්ෂයේ ඔක්තෝබර් (29) දින සිට පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයේදී භාවිතයෙන් බැහැරව ඇති අතර එම කාලය තුළ බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය 2023 වසරේ මාර්තු (31) දිනට අලාභය රුපියල් කෝටි 59960ක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ නායකත්වයට සමුදෙයි.!

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ නායකත්වයට සමුදෙයි.!

කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ නියෝජනය කරන ආණ්ඩු පක්ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පක්ෂයේ මීළඟ පක්ෂ නායකයා තෝරා ගැනීමෙන් පසුව අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවත් එම තීරණයෙන් අනතුරුව මීළඟ මැතිවරණයේදී රටට සැබෑ නායකත්වයක් ලැබිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි.

ලිබරල් පක්ෂයට නායකයෙක් පත්වන තුරු ඔහු අගමැති ධුරයේ සිටින බවත් තම පවුලේ අය සමග සිදුකළ සංවාදයකින් අනතුරුව ඉල්ලා අස්වීමට තීරණය කළ බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ කැනඩාවේ දේශපාලන දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වූ අතර මුදල් අමාත්‍යවරිය වූ ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් අග්‍රාමාත්‍යවරයා සමඟ විරසකව ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තත්ත්වය තීව්‍ර වුණි.

ඒ සමඟ අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය තවත් තීව්‍ර වූ අතර එතැන් සිට ඔහු මහජන ඒකරාශීවීම් රැසක් මඟහැරි බව වාර්තා වේ.

අධ්‍යාපන නවීකරණය අරඹයි.. අගමැතිනියගෙන් අලුත් වැඩක්.!

අධ්‍යාපන නවීකරණය අරඹයි.. අගමැතිනියගෙන් අලුත් වැඩක්.!

දිවයින පුරා පාසල් වල සනීපාරක්ෂක සේවා නවීකරණයට ලෝක බැංකු ආධාර යටතේ නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමුව ඇත.

පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩ පිළිවෙල යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ඇය මේ පිළිබඳව අවධානය යොමු කර ඇත.

පසුගිය වසර කිහිපය තුළ පාසල් දරුවන් සහ පාසල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රශතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර මෙරට ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විෂය ක්‍ෂේත්‍රය දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත.

රාජකාරි වෙලාවේ උපකාරක පංති – හකුරු හදන සේවකයින්.!

රාජකාරි වෙලාවේ උපකාරක පංති – හකුරු හදන සේවකයින්.!

මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් උඩවලව උක් පර්යේෂණ ආයතනයේ ඉහළ නිලධාරියකු තම නිල වාහනයේ ඉන්ධන වෙනුවෙන් ලබා ගනිද්දී එම වාහනය පසෙක තබා ආයතනයේ සංචිතයේ වාහන භාවිතා කරමින් නිල ගමන් යන බව ආරංචි මාර්ග වාර්තා කරයි.

කඩා වැටී තිබෙන මෙම ආයතනය ගොඩනැගීම සදහා අවශ්‍ය පරිපාලන සහාය ලබාදෙනවා වෙනුවට ඉහළ නිලධාරීන් තවදුරටත් ආයතනය කඩා වැටෙන තැනට පත් කරමින් සිටින බවද වාර්තා වේ.

නියමිත රාජකාරි කාලය තුළ ඇතැම් සේවකයන් විදේශිකයන් ප්‍රවාහනය, හකුරු කම්හලක වැඩ කිරීම වැනි නිලධාරීන්ගේ ව්‍යාපාර වල සහ පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම වැනි වෙනත් රැකියාවල නිරත වන බවද වාර්තා වේ.

චක්‍රලේඛ උල්ලංඝනය කරමින් හා වගකීම් වලින් බැහැරව කටයුතු කිරීමට ඉහළම නිලධාරියාගේ සිට පහළම සේවකයා දක්වා පුරුදු වී සිටින බවත් ආයතනය රැක ගැනීමට කැමැති සේවකයන් මේ ගැන කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්තිට ලිඛිතව දැනුම් දී ඇති බවද වාර්තා වේ.

ලංකාවේ රත්තරන් ඉන්දියාවට පටවන ජාවාරමක්.!

ලංකාවේ රත්තරන් ඉන්දියාවට පටවන ජාවාරමක්.!

ලංකාවේ රත්තරන් ඉන්දියාවට පැටවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරීහු සමත්ව ඇත.

පසුගියදා කල්පිටිය – බත්තලන්ගුණ්ඩුව දූපතට ආසන්නයේදී කුඩා ප්‍රමාණයේ බෝට්ටුවකින් රත්තරන් කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 450ක් ඉන්දියාවට රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු නාවුක හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවුක හමුදා බුද්ධි අංශයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ භාරයට ගත් රත්තරන් තොගය කටුනායක රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට වැටලීම කළ නාවුක නිලධාරීන් කටයුතු කර ඇත.

රත්තරන් තොගය ඉන්දියාව දක්වා රැගෙන යමින් සිටි බව අත්අඩංගුවට ගත් සැකකරුවෝ සදහන් කර ඇත.

පරිස්සම් වෙන්න.. ජනතාවට විශේෂ දැනුම්දීමක්.!

පරිස්සම් වෙන්න.. ජනතාවට විශේෂ දැනුම්දීමක්.!

අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධි ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සදහන් කරයි.

පාරිභෝගිකයන් වෙත දුරකථන ඇමතුම් ලබා දෙමින් යම් යම් ත්‍යාග දිනා ඇති බව පවසමින් මුදල් වංචා කිරීම් සම්බන්ධව මේ වනවිට පැමිණිලි ලැබී ඇති බවද තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සදහන් කරයි.

තවද “Al” තාක්ෂණය භාවිත කරමින් සිදුවන යම් යම් අක්‍රමිකතා සම්බන්ධවද මේ වනවිට පැමිණිලි වාර්තා වී ඇති බැවින් මෙවැනි ඇමැතුම් සහ සිදුවීම් වලින් ආරක්ෂා වීමට මහජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තුව කැළඹෙයි.. රජයෙන් ජනප්‍රිය නොවන තීරණයක්.!

පාර්ලිමේන්තුව කැළඹෙයි.. රජයෙන් ජනප්‍රිය නොවන තීරණයක්.!

රජය විසින් පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් නිලධාරීන් බඳවා ගැනීමට රජය ගෙන තිබෙන යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල වලින් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ පැවැති පාර්ලිමේන්තු ඉහළ පෙළේ නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව වාර්තා වේ.

ඉහළ තනතුරු වලට පත් කරනු ලබන්නේ එහි කාර්ය මණ්ඩල වලට උසස්වීම් ලබාදීමේ පරිපාටිය අනුව වන අතර ඒ අනුව මෙසේ පිටස්තර නිලධාරීන්ගෙන් තනතුරු පිරවීමෙන් පහළ නිලධාරීන්ට දැඩි අසාධාරණයක් වන බව කාර්ය මණ්ඩල සාමාජිකයෝ විසින් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මෙතෙක් ගෙවූ නිවාඩු හිලව් දීමනාව මේ වනවිට නවත්වා දමා ඇති බවත් මූල්‍ය අපහසුතා හේතුවෙන් රජය එම මුදල ගෙවීම නතර කිරීමට තීරණය කර ඇති බැවින් එම කාරණය ගැන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලවල විරෝධය පළ වී ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධව රජයට කරුණු දැක්වීමට එම නිලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

සීගිරිය මුදුනේ රැය පහන් කිරීමට අවසර.!

සීගිරිය මුදුනේ රැය පහන් කිරීමට අවසර.!

සඳ නැගුණු රාත්‍රි කාල වලදී සිගිරි පර්වතය මුදුනේ රැය පහන් කිරීමේ අවස්ථාව සංචාරකයන්ට උදා කර දීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව සෑම මසකම පොහොය දිනයේදීත්, පොහොයට පසු දින දෙක සහ පොහොයට පෙර දින දෙක තුළ සීගිරියේ රැය පහන් කිරීමේ අවස්ථාව උදා කර ගත හැකිය.

දැනට සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ඒ සදහා අවස්ථාව ලැබෙන්නේ පෙරවරු 6.00 පස්වරු 6.00 අතර කාලය තුළ පමණක් බව සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමණාකාරවරයා සදහන් කරයි.

ජනතාව වෙනුවෙන් TELL IGP සහ I-need අලුත් වෙයි.!

ජනතාව වෙනුවෙන් TELL IGP සහ I-need අලුත් වෙයි.!

ශ්‍රී ලංකා පොලීසිය විසින් TELL IGP (පොලිස්පතිට කියන්න) සහ l-need සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීම අද (06) දින වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී.

පොලීසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීමට හා ඔවුන්ගේ ගැටලු සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර TELL IGP ව්‍යාපෘතිය හරහා මහජනතාවගේ පැමිණිලි, අදහස් හා යෝජනා සෘජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී ඇත.

මෙම සේවාව මගින් පොලිස්පතිවරයාගේ අවධානයට සෘජුවම යොමුකළ යුතු කරුණු, පොලිස් ස්ථානයන් මගින් විමර්ශන සිදුනොවන පැමිණිලි සහ පොලිස් නිලධාරින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් පැය 24 පුරා පැමිණිලි කළ හැකි අතර එම පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

තවද I-need සේවාව මගින් ජංගම දුරකථනයක් අස්ථාන ගතවූ අවස්ථාවකදී පොලීසියට නොගොස් “Online” මාර්ගයෙන් අස්ථාන ගතවූ දුරකථනයේ තොරතුරු ලබාදී පැමිණිල්ලක් යොමු කිරීමේ හැකියාව සලසා දී ඇති අතර අස්ථාන ගතවු දුරකථනයක් යම් පුද්ගලයෙකු විසින් භාවිතා කරයි නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත මෙම සේවාව හරහා දැනුම් දීම සිදුකරනු ලබයි.

මෙම සේවාවන් වෙත www.police.lk නිල වෙබි අඩවියට ගොස් E-Services ඔස්සේ “TELL IGP” හා “l-need” සේවාව වෙත පිවිසිය හැකි අතර පැය 24 පුරා පැමිණිලි කිරීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා පොලීසිය සදහන් කරයි.

සමාජ මාධ්‍ය ගැන පොලීසියෙන් නිවේදනයක්.!

සමාජ මාධ්‍ය ගැන පොලීසියෙන් නිවේදනයක්.!

පොලිස් මූලස්ථානය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නිවේදනයක් නිකුත් කර ඇත.

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Clean sri lanka – 2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි” යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

පොලිස් ආඥා පනතේ වගන්තියක් සදහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත්, එසේ ක්‍රියානොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ සදහන් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, එම හඬ පටය අසත්‍ය හඬ පටයක් බවත්, එවැනි හඬ පටයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර නොමැති බවත් අදාළ හඬ පටය නිකුත් කල පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සදහා ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

We are happy to invite you.