Unusuma Writer

1579 Posts
වසර 10කින් පසු අවසන් වාර්තාව ජනපති අතට.!

වසර 10කින් පසු අවසන් වාර්තාව ජනපති අතට.!

රට පුරා සිදුකරන ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව ජනවාරි මාසය අවසානයේදී හෝ පෙබරවාරියේදී ජනාධිපතිවරයාට භාරදෙන බව ජන හා නිවාස සංගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සෙනෙවිරත්න සදහන් කළාය.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල සංගණන කටයුතු අවසන් කිරීමට නොහැකි වීම නිසා දෙසැම්බර් (31) දිනට පෙර මුල් වාර්තාව සකස් කිරීම නොහැකි වූ බවත් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ මෙම සංගණන කටයුතු සදහා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ 35,000ක් පමණ පිරිසක් සහභාගි වූ බවද ඇය සදහන් කළාය.

2014 වසරෙන් පසු වසර 10කින් සිදු කරන මෙම සංගණනයේ මූලික අරමුණ ඉදිරි වසර සදහා ජාතික ප්‍රතිපත්තියන් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම බවද ඇය අවධාරණය කළාය.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් පදිංචිකරුවන් නිවෙස්වල නොසිටීම නිවෙස් වසා දමා පිටත ගොස් සිටීම ආදී කරුණු මත සංගණන කටයුතු ප්‍රමාද වී ඇතැයිද ඒ අනුව මෙම මස අවසානයට පෙර හෝ පෙබරවාරි මුල අවසන් වාර්තාව භාරදීමට හැකි වන බවද ඇය සදහන් කළාය.

ව්‍යාපෘති මකර කටේ.. කෝටි 1,871ක් ගිලලා.!

ව්‍යාපෘති මකර කටේ.. කෝටි 1,871ක් ගිලලා.!

වකුගඩු රෝගයෙන් පෙළන්නන් වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශ වල පහසුකම් සැපයීම සදහා විදේශ ආධාර රුපියල් මිලියන 8940කින් 2012 වසරේ ආරම්භ කරන ලද ව්‍යාපෘති රැසක් 2024 වන තුරුත් අවසන් කර නැති බව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය පසුගිය 2015 ජුනි (30) අවසන් කළ යුතුව තිබුණද පසුව 2024 ජනවාරි (31) දක්වා දීර්ඝ කරගෙන තිබෙන බවද විගණන වාර්තාවේ සදහන් වෙි.

ව්‍යාපෘතිය වඩාත් පුළුල්ව අවසන් කිරීමට බව පවසමින් යළි රුපියල් මිලියන 9,771ක වටිනාකමින් යුත් විදේශ ණයක් ලබාගෙන ඇති අතර ඒ අනුව ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 18,711ක් වේ.

එහෙත් මෙම මුදල් භාවිතා කර ආරම්භ කළ රුපියල් මිලියන 3,809 ක් වටිනා ව්‍යාපෘති 33 ක් අතර මග නවතා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙයි.

එසේම ව්‍යාපෘතිය සක්‍රියව පවත්වා ගෙන යෑම සදහා පළාත් පාලන ආයතන 07 ක ස්ථාපනය කරන ලද මෘදුකාංග පද්ධති වලින් අහඹු ලෙස පරීක්ෂා කළ පද්ධති පහකම එය ආරම්භ කරන ලද අවස්ථාවේ ඇතුළත් කළ දත්ත පමණක් පැවැති බවත් ඒවාද යාවත්කාලීන කර නැති බවත් අලුතෙන් කිසිදු දත්තයක් ඇතුළත් කර නැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ඒ අනුව රුපියල් මිලියන 18,711ක් වැය කළ මෙම ව්‍යාපෘතිය වසර 12ක් වැනි කාලයක් ගනිමින් ක්‍රියාත්මක කළද ඉන් නිසි ප්‍රයෝජනයක් ලැබී නැති බවද විගණන වාර්තාවෙන් අනාවරණය වෙයි.

රුපියල් මිලියන 28,000ක් ගිලපු මණ්ඩලය.!

රුපියල් මිලියන 28,000ක් ගිලපු මණ්ඩලය.!

මෙතෙක් රුපියල් මිලියන 28,000කට ආසන්න පාඩුවක් වී අලෙවි මණ්ඩලය ලබා ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සදහන් කරයි.

පසුගිය 2021 වසරේ සිට වී අලෙවි මණ්ඩලය අවසන් ගිණුම් සකස් කර නැති බවත් ඒවා නිසි ලෙස සකස් කළේ නම් එම කාලය තුළ තවත් විශාල පාඩුවක් ලබා ඇති බව අනාවරණය වනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

වී අලෙවි මණ්ඩලය සකසා ඇති ගිණුම් වාර්තා අනුව පසුගිය 2015 සිට 2020 දක්වා වසර පහක කාලය තුළ රුපියල් මිලියන 11,305ක පාඩුවක් ලබා ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ගොවියා ආරක්ෂා කිරීමට වැඩි මිලට වී මිලදී ගැනීමත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අඩු මිලට හාල් සැපයීමත් කියන ඒකිනෙකට පරස් පර අරමුණු දෙකක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදී නිසි කළමනාකාරිත්වයක් නොමැති වීමෙන් මණ්ඩලය පාඩු ලැබීම අනිවාර්ය කාරණයක් වී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

කිලෝවට රුපියල් 130ක් වියදම් කරමින් ගබඩා කර තිබූ වී තොග පසුගිය වසරේදී කිලෝව රුපියල් 80 බැගින් විකිණීමෙන් කිලෝවකින් රජයට රුපියල් 50ක පාඩුවක්ද තවත් අවස්ථාවක රුපියල් 50ට මිලදී ගත් වී කිලෝව රුපියල් 24ට අලෙවි කිරීමෙන් කිලෝවකින් රුපියල් 26ක පාඩුවක් වී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

පසුගිය කාලය තුළ වැඩිම අලාභයක් ලබා තිබෙන්නේ 2016 වසරේදී වන අතර එය රුපියල් මිලියන 5894.29ක් බවත් මෙම තත්ත්වය වෙනස් කරන බවත් මෙවර මහ කන්නයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කටයුතු සැලසුම් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

වසීම් තාජුඩීන් ඇතුළු ඝාතන පරීක්ෂණවලට උදලු.!

වසීම් තාජුඩීන් ඇතුළු ඝාතන පරීක්ෂණවලට උදලු.!

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකවරයකු ලෙස පත්කරගෙන සිටින පොලිසියේ විශ්‍රාමික නිලධාරියකු පසුගිය කාලයේ සිදු වූ බරපතළ අපරාධ විමර්ශන කිහිපයක් ඉදිරියට කරගෙන යෑම අවහිර කරන බව වාර්තා වේ.

ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, රතුපස්වලදී නිරායුධ සිවිල් පුද්ගලයන්ට වෙඩි තැබීම ඇතුළු අපරාධ යට ගැසීමට මැදිහත්වීම පිළිබඳව මීට පෙරද එම පොලිස් නිලධාරියාට චෝදනා එල්ල වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම උපදේශකයා පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිසියේ අපරාධ අංශ කිහිපයක් භාරවද සිටි අයෙකු බවත් ඔහු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සමීප කණ්ඩායම් කිහිපයක්ම විරෝධය පළ කර ඇති බවද වාර්තා වේ.

ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරන්නේ, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මේ විශ්‍රාමික නිලධාරියාට ඇති චෝදනා පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් කැඳවීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි තීරණ ගනු ඇති බවද වාර්තා වේ.

මහා පරිමාණ මෝල් හිමියන් පරදා රජය වැඩ අරඹයි.!

මහා පරිමාණ මෝල් හිමියන් පරදා රජය වැඩ අරඹයි.!

රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සදහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි.

වෙළෙඳපොලේ පවතින බරපතළ විශමතාවයන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් සහල් මෝල් හිමියන් අසාමාන්‍ය ලෙස ලාභ ලබමින් සිටින බවත් එම අසාමාන්‍යතා රජය විසින් හඳුනාගෙන ඊට පිළිතුරු සෙවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

රටේ වී නිෂ්පාදනයෙන් 30%ක ප්‍රමාණයක් මහ මෝල් හිමියන් මිලදී ගන්නා බවත් ඉතිරි නිෂ්පාදන මිලදී ගනු ලබන්නේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අනුරාධපුර ඔයා මඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳව සොයා බැලීමට සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

නව වසරේ පොලීසියත් වැඩ අරඹයි.. විශේෂ මෙහෙයුම්.!

නව වසරේ පොලීසියත් වැඩ අරඹයි.. විශේෂ මෙහෙයුම්.!

දිවයිනේ සෑම පොලිස් වසමක්ම ආවරණය කරමින් ඊයේ (02) දින සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ රථවාහන මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත‍.

රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් නව රජයේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා ක්‍රියාත්මක වන ‘Clean SriLanka’ ව්‍යාපෘතියට සමගාමීව මෙය සිදු කරයි.

විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන සවිරාම වූ විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය, නීති විරෝධී සවිකිරීම, ඝෝෂාකාරී නළා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු, අලාභ ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරයි.

සෑම පොලිස් බල ප්‍රදේශයකම දිනකට පැය 03 බැගින් මෙහෙයුම් 02ක් සිදුකළ යුතු බවත් පොදු ප්‍රවාහන සේවා රථ පරීක්ෂා කිරීමේදී මගීන් අපහසුතාවට පත්නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.

සියල්ල හෙළිවෙයි.. ශිරන්ති CIDයට කැදවයි.!

සියල්ල හෙළිවෙයි.. ශිරන්ති CIDයට කැදවයි.!

පසුගිය කාලයේ සිදු වූ රජයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඉදිරි සති දෙකේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

මීට පෙර කිසිදු අවස්ථාවක ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා නොමැත.

2015 සිට 2019 කාලයේ යහපාලන ආණ්ඩුව පැවැති කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කථානායක නිල නිවෙසට ගොස් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණේය.

තලතාට ලොකු තනතුරක්.!

තලතාට ලොකු තනතුරක්.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස පත්කර ඇත.

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත්වීම සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සදහන් කරයි.

මනූෂගේ සහෝදරයාගේ තවත් හොරවැඩ හෙළිවෙයි.!

මනූෂගේ සහෝදරයාගේ තවත් හොරවැඩ හෙළිවෙයි.!

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදුකර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 26ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම මූල්‍ය වංචා සම්බන්ධව කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් පැමිණිලි ලබාදීම සදහා ලබාදී ඇති විශේෂ දුරකතන අංකය හරහා තවත් පැමිණිලි ලැබෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු සදහන් කරයි.

රුපියල් ලක්ෂ 30 මුදලක් වංචා කිරීම සම්බන්ධව ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලට අනුව පසුගිය (28) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු, ලබන (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රටම දන්නා ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක්.. රෝහල්ගත කරයි.!

රටම දන්නා ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක්.. රෝහල්ගත කරයි.!

නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් “ජීන් ඇන්ටිට” පහර දී ඇත.

එඩේරමුල්ලේ පිහිටි ඇගේ නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති අතර එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව ඇති අතර දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

We are happy to invite you.