Unusuma Writer

1579 Posts
රටේම පාසල් දරුවන් ගැන අගමැතිනිය දැඩි තීරණයක් ගනී.!

රටේම පාසල් දරුවන් ගැන අගමැතිනිය දැඩි තීරණයක් ගනී.!

රටේ සිටින පාසල් දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳව සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.

කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතු බවත් පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට 13 වසරක පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය සදහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවෙකුටම විවර වී තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

වර්තමානයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ පන්ති කාමර තුළ දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බවත් පිරිමි දරුවන් අධ්‍යාපන කටයුතු වලින් බොහෝදුරට ඈත්වෙමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

ශ්‍රී ලාංකිකයන්ගේ ඇස් වලින් විදේශිකයන් එළිය බලයි.!

ශ්‍රී ලාංකිකයන්ගේ ඇස් වලින් විදේශිකයන් එළිය බලයි.!

පසුගිය 2024 වසරේදී ලාංකිකයන් දන් දුන් ඇස් වලින් දෙස් විදෙස් අන්ධ පුද්ගලයන් 4,638කට ලෝකය දකින්නට වරම් හිමි වූ බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සදහන් කරයි.

ලෝකයේ රටවල් 57ක නගර 115ක අන්ධ පුද්ගලයන් 3,163කට සහ මෙරට පුද්ගලයන් 1,475කට දන් දුන් ඇස් වලින් පෙනීම ලබාදී තිබෙන බව එම සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජගත් එස්. මාතර ආරච්චි සදහන් කරයි.

කෙන්යාව, පාකිස්තානය, යේමනය සහ ඊජිප්තුවට වැඩි වශයෙන් ඇස් ලබාදී තිබෙන බවත් ලාංකිකයන් 7144ක් පසුගිය වසරේදී ඇස් දන් දුන් බවද කළමනාකරු ජගත් එස්. මාතර ආරච්චි සදහන් කරයි.

ඇස් 1,025ක් අක්ෂි වෛද්‍යවරුන්ගේ පුහුණු වීම් සදහා ලබාදී තිබෙන බවත් ඇස් දන්දීම සදහා මෙරට පරිත්‍යාගශීලීන් 2,23,000ක් ලියාපදිංචිය ලබාගෙන සිටින බවද ජ්‍යෙෂ්ඨ කළමනාකරු සදහන් කරයි.

එලෙස පරිත්‍යාග කෙරෙන එක් ඇසක් සංරක්ෂණය සදහා රුපියල් 25,000ක් පමණ වැය කෙරෙන බවත් 2024 වසරේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම 2300ක් සිදු කළ බවද ජ්‍යෙෂ්ඨ කළමනාකරු සදහන් කරයි.

සූරියප්පෙරුම ජීවිතයෙන් සමුගනී.!

සූරියප්පෙරුම ජීවිතයෙන් සමුගනී.!

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වී ඇත.

දේශපාලන විචාරකයෙකු, ලේඛකයෙකු, හිටපු විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම මිය යන විට 96 හැවිරිදි වියේ පසුවිය.

රූපවාහිනි වැඩසටහන්වලට, සංවාදවලට, පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවාදවලට සහභාගී වෙමින් ශ්‍රී ලාංකිකයන් දැනුමෙන් පෝෂණය කිරීමට කටයුතු කළේය.

වසර 35ක අද්දැකීම් ඇති ලක්ෂ්මන් සභාපති ධුරයට.!

වසර 35ක අද්දැකීම් ඇති ලක්ෂ්මන් සභාපති ධුරයට.!

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) නව සභාපතිවරයා ලෙස, පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමණාකරන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ලක්ෂ්මන් අබේසේකර පත්කර ඇත.

ඔහු වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණය ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇත.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

කොටස් වෙළදපොළේ ඉතිහාසගත පිම්මක්.!

කොටස් වෙළදපොළේ ඉතිහාසගත පිම්මක්.!

අද (02) දින කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව ඉක්මවා ගිය අතර ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙවන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94කින් ඉහළ ගොස් ඒකක 16,348.55ක් ලෙස සටහන් වු අතර මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේදී 2.53%ක වර්ධනයකි.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 12.86ක් ලෙස සටහන්ව ඇත.

රටේම ජනතාවට නව Whatsapp අංකයක්.!

රටේම ජනතාවට නව Whatsapp අංකයක්.!

රටේ ජනතාව ඉදිරිපත් කරන ඉල්ලීම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සදහා කම්කරු අමාත්‍යාංශයෙන් නව “WhatsApp” අංකයක් හඳුන්වා දී ඇත.

වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සේවා සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙනුත්, තෘප්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සදහාත් මෙම අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යංශය සදහන් කරයි.

තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සදහා “0707 22 78 77” යන නව whatsApp අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යාංශය සදහන් කරයි.

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය සදහන් කරයි.

රාත්‍රී කාලයේ දඩ කොළ වෙනුවට තේ.!

රාත්‍රී කාලයේ දඩ කොළ වෙනුවට තේ.!

වාහන ධාවනය කරන රියැදුරන්ට රාත්‍රී කාලයේ තේ පැන් සංග්‍රහයක් ලබාදීමට තඹුත්තේගම පොලිසිය කටයුතු කර ඇත.

රාත්‍රී කාලයේ රථවාහන අනතුරුවලට හේතු වී ඇත්තේ රියැදුරන්ට නින්ද යෑම බව අවබෝධ කරගත් තඹුත්තේගම පොලිසියේ රථවාහන අංශය මෙම සත් ක්‍රියාවට දායක වූ බව එම අංශය සදහන් කරයි.

තඹුත්තේගම වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන රථවාහන අංශයේ නිලධාරීහු ක්‍රියාත්මක කර ඇත.

විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රී 12.00 පසුවන විට නින්ද යෑම සිදුවන නිසා තඹුත්තේගම බස් නැවතුම්පොළ ආසන්නයේ වාහන නවත්වා රියැදුරන්ට තේ පැන් සංග්‍රහයක් ලබාදී ගිමන් හැරීමට අවස්ථාවක් උදාකර දී ඇත.

තවත් විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා.!

තවත් විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා.!

උතුරු මැද පළාතේ 2024 තුන්වැනි වාර විභාග ප්‍රශ්න පත්‍ර පිට වී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් අසේල විජේසිංහ සදහන් කරයි.

අද (02) දිනයේ සිට පාසල් නව වාරය ආරම්භ කිරීමෙන් පසු තුන්වැනි වාර විභාගය පැවැත්වීමට නියමිත බවත් මේ වනවිටත් හයවැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යාව ඇතුළු ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර වට්ස් ඇප් (Whatsapp) සමූහ තුළ හුවමාරු වන බවද ලේකම් අසේල විජේසිංහ සදහන් කරයි.

උතුරු මැද පළාතේ විභාගයක තිබෙන රහස්‍යභාවය, විභාගයක තිබෙන ගුණාත්මක භාවය, පළාත් සභාව දරා ඇති අධික වියදම ආදිය මේ අයථා ක්‍රියා තුළින් දැඩි ලෙස පිරිහී ඇති බවත් පසුගිය වසර වල වෙනත් පළාත්වල ප්‍රශ්න පත්‍ර මේ පළාතට ලබාගෙන පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් ඒවා මුද්‍රණය කර ලබාදීම වැනි බරපතළ සිද්ධීන් සිදු වූ බවද අසේල විජේසිංහ සදහන් කරයි.

එහෙත් බලධාරීන් ඒ පිළිබඳව තැකීමක් නොකළ අතර එහි ඵලය විදිහට දිගින් දිගටම විභාග සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය ඛේදනීය වූ බවත් මෙම බරපතළ අර්බුදයට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරින් සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතු බවද අසේල විජේසිංහ සදහන් කරයි.

බැසිල්ගේ නීතිවිරෝධී වත්කම් අග සිට මුලට සොයයි.!

බැසිල්ගේ නීතිවිරෝධී වත්කම් අග සිට මුලට සොයයි.!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නීතිවිරෝධීව වත්කම් උපයාගෙන අමෙරිකාවෙන් ගෙයක් අරන් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 2022 වසරේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය කළේ කොහොමද.? මොන දත්ත පදනම් කරගෙනද.? කවුද තොරතුරු ලබාදුන්නේ.? කවුද එම තොරතුරු තහවුරු කලේ.? ඒ සම්බන්ධයෙන් ඡායාරූප තියෙනවද.? තවත් රහසිගත සාක්ෂි තියනවද.? යන්න මුල සිට අගට ⁣සියලු තොරතුරු හොයන්න CIDයට සුදානම් වේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනවාරි මස (03) වනදා පැමිණෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට දැනුම් දී ඇති බව වාර්තා වේ.

රුසියාවේ ගෑස් සැපයුම යුක්‍රේනය නවතා දමයි.!

රුසියාවේ ගෑස් සැපයුම යුක්‍රේනය නවතා දමයි.!

වසර 5ක් රුසියානු සහ යුක්‍රේන සමාගම් අතර තිබූ ගිවිසුමක් අවසන් කරමින් රුසියාවේ සිට තම භූමි ප්‍රදේශය හරහා යුරෝපයට ගෑස් සැපයීම නවතා දමන බව යුක්‍රේනය සදහන් කරයි.

රුසියාව, යුක්‍රේනය හරහා යුරෝපා සංගමයේ රටවලට ගෑස් ප්‍රවාහනය කිරීම ආරම්භ කළේ 1991 වසරේදී වන අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව සිය භූමිය භාවිත කිරීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා තදබල විරෝධය පල කළේය.

යුක්‍රේන ජනාධිපති ව්ලොඩමියර් සෙලෙන්ස්කි ගෑස් සැපයුම් ගිවිසුම අහෝසි කිරීමෙන් යුරෝපා රටවලට ඇතිවිය හැකි බලපෑම අවම කරගැනීමට සූදානම් වීම සදහා යුරෝපා කොමිසමට වසරක කාලයක් ලබා දුන්නේය.

ඒ අනුව යුක්‍රේනය හරහා ගෑස් සැපයුම් අවසන් වුවද, යුරෝපා සංගමයේ රටවලට ප්‍රමාණවත් ධාරිතාවක් ඔවුන් සතුව ඇති බව යුරෝපා කොමිසම සදහන් කරයි.

කෙසේ වෙතත් යම් හෙයකින් යුක්‍රේනය ගිවිසුම් අහෝසි කළත්, කළු මුහුද හරහා නල මාර්ග ඔස්සේ හංගේරියාව, තුර්කිය සහ සර්බියාව යන රටවලට ගෑස් සැපයිය හැකිය.

We are happy to invite you.