බලංගොඩ කස්සප හිමිට පොලිසියෙන් පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමිගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ දිසා අපරාධ කොට්ඨාශයට, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් ඊයේ (16) දින අවසර ලබාදී ඇත.
ඒ අනුව පසුගියදා විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයේදී පොලිස් නිලධාරීන් තමන්ට පහරදුන් බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමිගෙන් එම ප්‍රකාශය ලබාගැනීමට නියමිතය.
මේ අතර ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීත්‍යනුකූල අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධව පවරා ඇති නඩුවට පසුගිය (11) වැනිදා දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටි බලංගොඩ කස්සප හිමි අද (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් ඊයේ (16) දින නියෝග කළේය.
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීත්‍යනුකූල අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධියේ දෙවන සැකකරු ලෙස බලංගොඩ කස්සප හිමි නම් කර ඇත.
