කොළඹ විහාර මහාදේවි උද්යානයේ අඛණ්ඩ සත්යග්රහය අතරතුර තමන් වහන්සේ තරු පන්තියේ හෝටල් වෙත වැඩම කරනු ලැබුවේ හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බව බලන්ගොඩ කස්සප හිමි පවසයි.
එම තරු පන්තියේ හෝටල් වෙත වැඩම කිරීමෙන් අනතුරුව වෛද්ය කණ්ඩායමක් පැමිණ එම රෝගී තත්ත්වයන්ට ප්රතිකාර සිදුකළ බවද බලන්ගොඩ කස්සප හිමි පවසයි.
මාධ්ය වෙත අදහස් දක්වමින් බලන්ගොඩ කස්සප හිමි සඳහන් කළේ,
“සත්පුරුෂ දායකයෝ අපි අසනීපෙන් ඉන්න කොට, මට පෙරේදා වගේ වෙද්දි එකසිය දෙකට විතර උණ තිබුණා. ඉතිං ඒ උණ නිසා මිනිස්සූ අපිට මගදිගට විවේක ගන්න ස්ථාන සැලසුම් කරලා තිබුණා. නමුත් අපි බොහෝ ඒවට වැඩම කලේ නෑ.
මොකද අපි මෙතනම රැදී ඉන්න ඕන නිසා. නමුත් වෙවුලලා බොහොම අමාරුවෙන් ඉන්න නිසා, අපිට ආරාධනාවන් මත අපි ඒ ස්ථාන වෙත වැඩම කරා. වැඩම කරාට පස්සේ වෙනම වෛද්ය කණ්ඩායම් ඇවිල්ලා අපිට ප්රතිකාර කරා. ඒක ජනතාවගේ කැමැත්ත.”
