කුමාර් ඝාතනයට පුද්ගලයින් 08 දෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණය මගින් අද (19) දින මරණ දඬුවම නියම කළේය.

2008 වසරේ ජුනි (19) වැනිදා චෙංකලඩි කඳවුරේ රැඳී සිටි ඊ.පී.ඩී.පී. (EPDP) සාමාජිකයන් පිරිසක් විසින් සුරේෂ් කුමාර් නමැත්තා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමෙන් අනතුරුව එම මළසිරුර වළදමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බව අධිකරණයේදී අනාවරණය විය.

අනතුරුව එරාවූර් පොලිසිය මගින් ඊ.පී.ඩී.පී. සාමාජිකයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබු අතර මූලික මහෙස්ත්‍රාත් නඩු විභාගයෙන් අනතුරුව, 2016 වර්ෂයේදී නඩුව වැඩිදුර විභාගය සඳහා මඩකලපුව මහාධිකරණය වෙත යොමු කෙරිණි.

එම පුද්ගලයා පැහැරගැනීම සඳහා භාවිත කළ බව කියන වෑන් රථය සොයා ගනිමින් මහාධිකරණය හමුවේ දීර්ඝ නඩු විභාගයකින් පසුව චෝදනා වලට වරදකරුවන් වූ විත්තිකරුවන් අට දෙනාට මරණ දඬුවම ප්‍රකාශයට පත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ සැකකරුවන් නව දෙනා අතුරින් එක් අයෙකු නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel