ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය විසින් ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහුට අනතුරු ඇඟවිම් නිකුත් කර ඇත.
ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මියගොස් ඇති බවත් කෙසේ හෝ ඔහු මියගොස් නැති නම්, ඔහු ඝාතනය තුරුම ඔහු සොයා පහර දෙන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය සඳහන් කරයි.
කුඩා දරුවන් අමු අමුවේ මරා දමන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ළමා ඝාතකයෙකු බවත් ඔහු සැගවී සිටින්නේ නම් එම ස්ථානය සොයා පහර දෙන බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය සඳහන් කරයි.
මේ අතර ඉරානයේ හමුදා සහ ආරක්ෂක මධ්‍යස්ථාන පිහිටි ස්ථාන පිළිබඳ ඊශ්‍රායලය වෙත තොරතුරු සැපයීම යන චෝදනාව යටතේ ඉරානය විසින් පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
