Advertisements

අලුත් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද (08) දින ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කළේය.

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ බස් නැවතුම්පො‍ළේ ගොඩනැගිලි නවීකරණය කිරීම, නව තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය හා අවට අලංකරණය යනාදිය සිදුකර ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ සඳහා ශ්‍රම දායකත්වය ලබාදී ඇත.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest