අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත විය.

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 157ක් ද, විරුද්ධව ඡන්ද 60ක් ද ලැබී ඇති අතර ඡන්දය දීමෙන් වැලකී සිටි සංඛ්‍යාව බිංදුවයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය (12) වැනිදා අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව නොවැම්බර් (13) වනදා සිට අද (20) දිනය දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel