Advertisements

2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය

විසර්ජන පනත් කෙටුම්පත (2027 වර්ෂය සඳහා) දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් මස (12) වන දින සිදුකිරීමට නියමිතව ඇත.

විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සැප්තැම්බර් මස (18) වන දින සිදුකෙරෙන අතර එය පළමු වර කියවීම ඔක්තෝබර් මස (07) වන දින සිදුවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යංශ අනුව වියදම් ඇස්තමේන්තු ඇතුළත් 2027 විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා සැප්තැම්බර් මස (14) වන දින යොමු කිරිමට නියමිතව ඇත.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් (13) වන දින සිට (20) වන දින දක්වා සිදු කෙරෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස (21) වන දින සිට දෙසැම්බර් මස (14) වන දින දක්වා පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest