හම්බන්තොට පල්ලේමළල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස්ථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ තිස්සමහාරාමය සහ මාතර අතර ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුර සිදුවන විට ලංගම බස් රථයේ මගීන් 57ත් දෙනෙකු පමණ සිට ඇති බවත් එම පිරිස අතරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවද හම්බන්තොට පොලීසිය සඳහන් කරයි.
පෞද්ගලික බස් රථයේ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරින් බස් රථ දෙකටම දැඩි අලාභ හානි සිදුවී ඇත.

